ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය අද 12 වනදා සිට ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍ය ශාලාවේ මහජන ගෞරවයට තබා හෙට අවසන් කටයුතු සිදුකරන්නට සැලසුම් කළද අද දින එම දේහය එකී ශාලාවේ තැන්පත් කළත් මහජනතාවට තහනම් කලාපයක් කර තිබේ.
මෙම දේහය ශාලාවේ නොතබන ලෙසට පාතාල තර්ජන එල්ලවීම නිසා ජයරත්න මල් ශාලා හිමිකරුවන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර මේ නිසා විශේෂ ආරක්ෂාවක් යොදවා පරීක්ෂණයක්ද අරඹා ඇත.
කෙසේ වෙතත් මෙම පසුබිම යටතේ පවුලේ හිතවතුන් සඳහා පමණක් දේහය විවෘත කර තිබෙන බව වාර්තාවේ.
එය පසුව වෙනස් කරාවිද යන්න අනාවරණය නොවේ.
ස්ථානය තුළට ඇතුළුවීමට කිසිදු පුද්ගලයෙකුට මෙතෙක් අවසර ලබාදී නැත.
හෙට (13) පස්වරු 4.30ට දේහය පිළිබඳ ව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
0 Comments