
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ අද (09) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් පළමුව ව්‍යාපාරික ක්ලබ් වසන්ත මියගිය අතර දෙවැනියා ලෙස තුවාල ලද තවත් අයෙකු රෝහලේදී මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකි. ඔහුගේ අනන්‍යතාව පොලිසිය තවම හෙළි කර නැත.
සිදුවීම නිසා වෙඩි වැදුණ ජනප්‍රිය ගායන ශිපිනී කේ.සුජීවා පාදයට තුවාල සිදුවී මේවනවිට ජාතික රෝහලේ සැත්කමකට සූදානම් කර තිබෙන නමුත් ඇයගේ තත්වය බරපතල නැතැයි රෝහල් අධ්‍යක්ෂ පවසා තිබේ.
මෙම සිදුවීමෙන් තුවාල ලද තවත් තිදෙනෙකුද ප්‍රතිකාර ලබමින් පසුවේ.
අතුරුගිරිය මංසන්ධියට ඉතා ආසන්නයේ ඉහළ මහළක පිහිටි unique tatoo & peercing studio නම්වූ ටැටූ ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ව්‍යාපාරිකයා පැමිණි අවස්ථාවේ සන්නද්ධව පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගිය බව දැනට ලබාගෙන තිබෙන මූලික සාක්ෂි වලින් හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට සිරස ගෙනා වාර්තාව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval