wijayadasa-rajapaksa-election

 ජනාධිපතිවරණයට පෙර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.



ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර එය පාර්ලිමේන්තුවේ සම්මත කරවාගැනීමෙන් පසු ජනපතිවරණය නොපවත්වා ජනමත විචාරණයකට යාමට රජයේ උත්සාහයක් පැවතිණි.

එම උත්සාහය ව්‍යර්ථවී පාර්ලිමේන්තුවේ සම්මත නොවුණොත් පාර්ලිමේන්තුව විසුරුවා  ජනපතිවරණය වෙනුවට මහමැතිවරණයකට යාමේ දෙවන සැලැස්මක්ද තිබිණි.

කෙසේ වෙතත් පනතට පාර්ලිමේන්තුවේ සහය ලබාගැනීම ගැන ගැටලු පැවතීම හා කරන්න යන වෙනස්කම් රටේ මහජන මතය අවුල් කර පද්ධතිය තුළ අර්බුදයක් නිර්මාණය කරවනු ඇති බවට නීතීඥ සංගම් දැඩි මතයක සිටි අතර අකුළාගැනීම සිදුවූයේ ඉන් පසුය.

සම්බන්ධිත පෙර ලිපිය
රනිල්ගේ අවසාන තුරුම්පුව '22 සංශෝධනය' ජනපතිවරණය වෙනුවට මහමැතිවරණය හෝ ජනමත විචාරණයක්