wijayadasa-resign-minister

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.





ඔහු මේ බව සඳහන් කළේ, අද (ජූලි 29) විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ජනාධිපති මැතිවරණය සඳහා තමා අපේක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරග කරන බැවින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බව ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,

“කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ.



මම කල්පනා කළා ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා.

ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ.”