ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස්අට දෙනාගෙන් කුඩා හෝ රැස්වීමක් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනකු පමණක් බව, ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවැසීය.ඉතිරි අපේක්ෂක විසිතුන් දෙනාගෙන් තුන් දෙනකු ගැන කිසිදු තොරතුරක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති දුරකතන අංකවලට ඇමතූ විට, එම තුන් දෙනාගෙන් දෙදෙනකු වෙනුවෙන්ම අමතන්නේ වෙනත් අය බවත්, විසිතුන් දෙනාගෙන් පස් දෙනකුට අඩු තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක් හෝ නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. සමහර අපේක්ෂකයන් තමා ජනාධිපතිවරණයට තරග කරනවා යන්න මාධ්‍යයටවත් ප්‍රකාශ කර නැති බව ගජනායක මහතා කීය.
මැතිවරණ අපේක්ෂකයන් 38 දෙනාගේ ඡායාරූප තම ආයතන වෙබ් අඩවියේ පළ කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී, ප්රචාරක කටයුතු කරන පහළොස් දෙනා හැර අනෙක් 24 දෙනාගෙන් ඒවා ලබා ගැනීමට නොහැකි වූ බවත්, අඩු තරමින් කතාබහ කිරීමට පවා නොපැමිණි බවත් හෙතෙම සඳහන් කළේය.
සුජිත් හේවාජුලිගේ
0 Comments