A-rise-in-rabies-deaths

ජලභීතිකා රෝගය වැළඳීමෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය වන්නර්පන්නයි ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (26) මිය ගියාය.
ඇයගේ මරණයත් සමඟ වසරේ මේ දක්වා කාලය තුළ යාපනයේ ජලභීතිකා මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.



යාපනය, වන්නර්පන්නයි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි මහේන්ද්‍රන් ශාන්ති නමැති කාන්තාවක් මෙලෙස මියගොස් තිබේ.

නිවසේ සිටි සුරතල් බල්ලෙකු විසින් ඇය සපා කෑමට ලක්ව ඇති අතර, සති දෙකකට පමණ පසු ඇය රෝගාතුර වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙයි.



අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් මහතා යාපනය ශික්ෂණ රෝහලේදී මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී නිගමනය වූයේ ජලභීතිකා බැක්ටීරියාව ශරීරගත වී අභ්‍යන්තර අවයව විනාශ වීම කාන්තාවගේ මරණයට හේතුව බවයි.

යාපනයේ විවිධ ස්ථානවල අයාලේ යන සුනඛයන් 2500ක් පමණ සැරිසරන අතර, යාපනයේ ජලභීතිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින්නේ ඔවුන් මහමග මිනිසුන් සපා කෑම නිසා බව සෞඛ්‍ය බලධාරීහු පවසති.