Our-people-who-hacked-foreign-bank-accounts-and-became-millionaires-in-a-day

මේ දවස්වල සමාජයේ නිතර කතාවට ලක් වෙන මාතෘකාවක් තමයි සමාජයේ ප්‍රසිද්ධියට ලක් වුණ ඇතැම් පුද්ගලයින්ගෙ වත්කම්. මේ පුද්ගලයින් එක එක මාතෘකා නිසා සමාජයේ ප්‍රසිද්ධියි.  තමන් කරන රැකියාවට සාපේක්ෂව වත්කම් ප්‍රමාණය වැඩි වීම තමයි මෑතකදී මේ වගේ පිරිසව කතා බහට ලක් වුණ ලොකුම මාතෘකාව. ඇත්තටම මේගොල්ලො පට්ට සල්ලිකාරයො. පදින වාහන Range Rover, BMW, Bens. ඉන්න ගෙවල් මාළිගාවල්. මෙහෙම කියද්දි කීපදෙනෙක්ගෙ නම් කීපයක් මතක් වුණ නේද?
High Luxury life ටිකක් ගෙනියන මේ අය නිකං Hobby ටිකක් විදියට අසරණ, දුප්පත් මිනිස්සුන්ට සල්ලිවලින් අත දිග ඇරලා වියදම් කරනවා. ඒ වගේ වැඩ සමාජයේ ගොඩාක් කතාවට ලක්වෙලා තියනවා. මේ අයට ඒ නිසා සමාජ පිළිගැනීමක් ලැබිලා තියනවා.

මේ කියන්න හදන්නේ මේ වගේ Luxury life එකක් ගෙනියන්න වගේම අසරණ මිනිස්සුන්ට උදව් කරන්න මේ set ටිකට සල්ලි ගලන විදිය ගැන කතාවක්.



මේ සෙට් ටික ගත කරන ජීවිතයකට යන්න ඇත්තටම කුඩු විකුණලාත් මදි වෙයි. ගණිකා මඩම් දාගෙන කරත් කොහොමත් මදි. Cream විකුණලා සල්ලි ආවා කියන්නේ නම් පට්ට බොරුවක්. එහෙනම් කොහොමද මෙයාලට මේ තරම් සල්ලි ගලන්නේ..?

දැන් ලෝකෙ ඉස්සරට වඩා පට්ට දියුණුයි. කුඩු විකුණලා වගේ Risk ටිකක් අරං පෝසත් වෙනවට වඩා Smart විදියට හොරකම් කරන තරම් දැං දියුණුයි.

 පිටරටවල සල්ලි පිරිච්ච ඒත් භාවිතයට ගත්තේ නැති, සරලව ම කිව්වොත් අතෑරලා දාපු බැංකු ගිණුම් තියනවා. කලු සල්ලි සුදු කරන්න දාපු ගිණුම්, මාෆියා සංවිධානවල ගිණුම්, අත්හැරපු සමාගම් වල ගිණුම්, මත්ද්‍රව්‍ය වෙළෙදාමේ සල්ලි දාපු ගිණුම්, ත්‍රස්ත සංවිධානවල ගිණුම් වගේ නීති විරෝධී සල්ලි තියෙන බැංකු ගිණුම්. මේවායේ තියෙන සල්ලි ⁣කවුරුහරි හොරෙන් එලියට ඇද්දත්, ගිණුම් හිමියන්ට බෑ නීතිය හමුවට යන්න. මොකද ඒ සල්ලි නීති විරෝධී සල්ලි නිසා.

ඉතිං අපේ රටේ ක්ෂණික කෝටිපතියෝ බිහිවෙන්නේ මේ වගෙ Bank Account Hack කරන එකෙන්. මේ ජාතියේ Account 3 ක් 4 ක් Hack කරොත් පරම්පරාවම ගොඩ. අනික මේවා ඩොලර්. ටික රැයෙන් කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන්.

ඉතිං බැංකු එකවුන්ට් එකක් හැක් කරලා සල්ලිකාරයේා වුනාම එයාලා සමාජයට ඇත්ත හෙලි කරන්න බැරි නිසා තමන්ම තමන්ට කතාවක් හදාගෙන සමාජගත කරගන්නවා. මං ලග තියෙන්නේ ක්‍රීම් විකුණපු සල්ලි, අරයා පෝසත් වුනේ නිධන් හාරලා, මෙයා කුඩු බිස්නස්, මෙයා ගණිකා නිවාස වලින් හම්බකරා වගේ කතාවක් හදලා ඒකට මුවා වෙනවා.

මේ අය මෙහෙම සල්ලි හොයලා කෝටිපතියෝ වුනු හැටි දන්න අතලොස්සක් ඉන්නවා. ඒත් ඒ උදවිය ඇත්ත එලි කරන්න බයයි. මොකද අර සල්ලිකාරයෝ ලග තියෙන අසීමිත මුදල් බලය නිසා හෙට උදේ වෙද්දි එයාලට වෙන දේ එයාලා දන්න නිසා. කොටින්ම මේ මාතෘකාව ගැන දන්න කට්ටිය කතා කරන්න බයයි.

ළඟදී ITN එකේ පටන් ගත්ත "රොන්" ටෙලි නාට්‍යයේ මේ ගැන ටිකක් කතා කරනවා. මේ ගැන ප්‍රසිද්ද මාධ්‍යයක පෙන්නපු එකම තැන තමයි ඒක. ඒත් මීට වඩා ගේම් එකක් මේ රට ඇතුළේ අදටත් සිද්ද වෙනවා.

ඔන්න ඔහොමයි දැන් වත්කම් හෙලි කරන්න බැරි පට්ට සල්ලිකාරයොන්ට සල්ලි ගලන්නේ. ඉතිං මහ මුහුදෙත් දිය දෝතක් ගත්තා වගේ අසරණ දුප්පත් මනුස්සයෙක්ට මොනාහරි දෙයක් අරං දීලා ලොකු Publicity එක්ක ගත්ත ⁣ෆොටෝ Fb දානවා. සමාජය ඉස්සරහා පට්ටම හොද පිරිසිදු  චරිතයක් වෙනවා. මං සියට 200 ක් සාධාරණයි කියනවා.
ඔන්න එකයි සූත්තරේ.. දත්තෙ තැත්තං තව ටිකක් හොයල බලන්නකො ඒක ගැන. අපි හිතුවට අපේ රටේ ඉන්නේ සුපිරි වැඩ්ඩො ටිකක්. මුං මොළ ගෙනාපු නැව්