Paris-Olympics-American-beats-Jamaican-by-five-thousandths-of-a-second-in-100m-final

ලෝකයේ වේගවත්ම මිනිසා තේරීමේ ඔලිම්පික් මීටර 100 ඉසව්වේ ඊයේ පැවති අවස්ථාව අතිශය තියුණු මුහුණුවරක් ගත්තේය. සියලු ක්‍රීඩකයින් ඉතා ආසන්න කාල අගයන් වාර්තා කළ අතර රන්-රිදී පදක්කම් ලබන දෙන්නා එකම කාලයකින් එනම් තත්පර 9.79 කින් තරගය නිම කළ නිසා ඒ අතරින් රන් පදක්කම හිමිකරුවා සොයන්නට විනිශ්චය මණ්ඩලයට ටික වේලාවක් ගත විය.


පසුව එකම තත්පරය සියුම් ලෙස විමසා 9.784 හා 9.789 සසඳා තත්පරයෙන් පන්දහසකින් පංගුවක ආන්තිකයකින්, ඇමරිකානු ක්‍රීඩක නෝවා ලයිල්ස් ඔලිම්පික් රන් පදක්කම ලද බවට තීරණය විය.
දෙවැනියාවූයේ ජැමෙයිකාව නියෝජනය කළ කිශේන් තොම්සන්ය.පිරිමි මීටර් 100 අවසන් මහා තරගය සඳහා 9.77 ක මීටත් වඩා හොඳ කාලයකින් තරගයට පැමිණි  ජැමෙයිකානු ක්‍රීඩකයා අවාසනාවන්ත විය.
ඡායාරූප සලකා බැලීමේදී තරගය දිනන්නේ කිශේන් බව පෙනී යන නමුත් විනිශ්චය මණ්ඩලය ඊට වඩා සියුම් විය. 27 හැවිරිදි එක්සත් ජනපද කෙටි දුර ධාවන ක්‍රීඩකයා 9.784 සිට 9.789 දක්වා කාල දක්ෂතා තිබූ අතර අවසන් තරගෙය් තියුණු ජය ඔහු සතු විය.
පැරිසියේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේදී ඇමරිකාවේ නෝවා ලයිල්ස්  ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු දරද්දී ජැමෙයිකාවේ කිෂාන් තොම්සන් රිදී පදක්කම ලද අතර ඇමරිකා එක්සත් ජනපදයේම ෆ්‍රෙඩ් කර්ලි 9.81 ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
වීඩියෝව පහතින්