ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර සමග බාරදුන් වත්කම් බැරකම් වාර්තා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් යම් යම් සීමා යටතේ ප්‍රසිද්ධ කර තිබේ.
කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය තුළ 39 දෙනාගේ වත්කම් තුළ පුද්ගලික වැටුප ප්‍රසිද්ධ කර ඇත. නමුත් බැංකු ගිණුම් ගණන ඇතත් ඒවායේ මුදල් විස්තර ප්‍රසිද්ධ කර නැත. ඉඩම් අයිතිය ගැන විස්තර ඇතත් වටිනාකම් ප්‍රසිද්ධ කර නැත. සහකරු හෝ සහකාරිය කරන රැකියාව වැටුප හා සතු ආභරණ විස්තර ආදියද ප්‍රසිද්ධ කර ඇත.
පහත සඳහන් වන්නේ ප්‍රධාන අපේකෂකයින් කිහිප දෙනාගේ කෙටි විස්තරයකි. ඊට පහතින් සියලුම අපේක්ෂකයින් අත්අකුරු වලින් පුරවා දක්වන ලද වත්කම් බැරකම් වාර්තා සඳහන් කර ඇත.( ඒවායෙහි කළු කොටු මගින් වසා ඇතැම් තොරතුරු කොමිසම සඟවා ඇති බව සලකන්න )
රනිල් වික්‍රමසිංහ
මාසික වැටුප රුපියල් 97,500කි. මාසික දීමනා රු 82191 කි. බිරියගේ විශ්ව විද්‍යාල වැටුප රු 393419 කි. මැණික් හා ස්වාර්ණාභරණ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කළ මුදල රු 16393 කි.
මේ මොහොතේ තමා අතේ ඇති මුදල -රු 20000 මේ මොහොතේ බිරිය අතේ ඇති මුදල -රු 200000
බිරිය හා තමා සතු ස්වර්ණාභරණ වටිනාකම - රු 665000
බිරියගේ මවගෙන් ලැබුණ ආභරණ වටිනාකම -රු 3,900,000
පරිහරණය කරන වාහන VW TOWAREA ජිප් රථය සහ බෙන්ස් කාර් දෙකකි.
5 වන මාවත කොල්ලුපිටිය නිවස සහිත ඉඩම හා කුරුණෑගල උඩුබද්දාව මල්පොකුණ ස්ටේට් පොල් ඉඩම සතුය.
බිරිය සතුව නාවල රාජගිරිය නිවස හා ඉඩම සතුය.
2019 දී බිරිය හා තමා එක්ව එන්එස්බී සිටි ශාඛාවෙන් ලක්ෂ 37 ක ණය මුදල් ලබා ඇති අතර ඉන් ලක්ෂ 17 කට ආසන්න මුදල් ගෙවීමට ඉතිරිව ඇත.
සජිත් ප්‍රේමදාස
මාසික වැටුප රුපියල් 295,681 කි.මාසික දීමනා නැත. බිරිය රැකියාවක් නොකරයි.
ජාල් සැලෝන් නම් ආයතනයක් 2013 පිහිටුවීමට ලක්ෂ 137 ණයක් ලබාගෙන ඇත.
මේ මොහොතේ තමා අතේ ඇති මුදල -රු 78000 මේ මොහොතේ බිරිය අතේ ඇති මුදල -රු 59000
ඒෂියා සිකියුරිටීස් පුද්ගලික සමාගම වෙනුවෙන් තමා සතු මුදල - රු 197210
බිරිය හා තමා සතු ස්වර්ණාභරණ වටිනාකම - රු 2330000
වාහන පහක් පරිහරණය කරයි. ඩබල් කැබ් මිට්ෂුබිෂි රථ දෙකක්, ටොයෝටා ප්‍රාඩෝ ජීප් රථයක්, ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සහ මර්සිඩිස් බෙන්ස් රථයකි.
ඉඩම් 12 ක් සතුය (විස්තර වාරණය කර ඇත) රාජගිරියේ නිවසක් හා කහඹිලිය වැටිය වත්ත ස්ටේට් පොල් වත්තක් හා වී වගාවක් ඇත.
අනුර කුමාර දිසානායක
මාසික වැටුප රුපියල් 54,285කි. මාසික දීමනාවල එකතුව රුපියල් 202,517 කි. බිරිය මල්ලිකා රත්නායක රැකියාවක් නොකරයි. ලංකා බැංකුවේ ගිණුම් 3 ක් ඇත. පවුම් හතරහමාරක ස්වර්ණාභරණ සතුය.
භාවිත කරන වාහනය ලෙස ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථය සඳහන් කර ඇත. බිරියගේ නමට වැවහේනවත්තේ ලබාගත් නිවස සහිත ඉඩමක් ඇත.
නාමල් රාජපක්ෂ
මාසික වැටුප රුපියල් 54,285කි. දීමනා ලෙස රුපියල් 400,000ක් හිමි වේ.
භාර්යාව ලිමිනි මෙනුජා ලංකා ස්පොර්ට්ස්ටේෂන් වයාපාරය කරන අතර වියදමක් ලෙස සමාගමට රැ 115000 ක් දරයි.
ලංකා බැංකුව,පෑන් ඒෂියා බැංකුවේ ගිණුම් එක බැගින්ද,සෙලාන් බැංකුවේ ගිණුම් දෙකක් ද ඇත (මුදල් විස්තර වාරණය කර ඇත)
ණය වශයෙන් 2017-18 මිලියන 200 ක් අත්තිකාරම් 2019-20 මිලියන 30 ක් හා පුද්ගල ණය 2020-21 මිලියන 10 ක් ලබාගෙන ඇත.
ලින්ක් ඒෂියා හෝලිඩින්ග්,වෙයාර් හවුස් අයිඑන්ටී යන සමාගම් වල කොටස් සතුය (මුදල් විස්තර වාරණය කර ඇත)
ගවර්ස් කෝපරේෂන් 2020-3-31 දිනට මිලියන 38 ක් අායෝජනය කර ඇත.
ලින්ක් ඒෂියා හෝලිඩින්ග් බිරියගේ නමට මිලියනයක් ආයෝජනය කර ඇත.
මේ මොහොතේ තමා අතේ ඇති මුදල -රු 31200000
තමා සතු ස්වර්ණාභරණ වටිනාකම - ලක්ෂ 85
තමා සතු නොකැපූ මැණික් ගල් වටිනාකම -ලක්ෂ 142
ලිමිනි මෙනුජාට පරම්පරාවෙන් හා දෙමාපිය දායාද ලෙස හා විවාහ තෑගි ලෙස ස්වර්ණාභාරණ වටිනාකම - මිලියන 138
භාවිත කරන වාහන චේවා මෝටර් රථයක් සහ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් ලිමිනි සතුව බෙන්ස් රථයක්, ප්‍රාඩෝ රථයක් හා ඩිෆෙන්ඩර් රථයක් ඇත.
වීරකැටියේ මුඩු ඉඩම් 3 ක් හා මිරිහානේ ඉඩමක් තමා සතුය, (වටිනාකම් වාරණය කරඇත)
ලබාගත් ණය මුදල් 2011 මිලියන 8 තවම ගෙවීමට ඇත.2011 මිලියන 47 තවම ගෙවීමට ඇත. 2021 ලංකා බැංකවෙන් ගත් මිලියන 10 ණයෙන් 7 ක් ගෙවා ඇත. ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගත් ණය ගෙවීමට ඇති ශේෂය 2024-3-31 ට ලක්ෂ 149 කි.
සරත් ෆොන්සේකා
මාසික වැටුප රුපියල් 54,285කි. දීමනා ලෙස රුපියල් 263,500ක් හිමි වේ. දීමනා -රු 263500
මහජන බැංකුවේ ගිණුම් 3 ක් හා ලංකා බැංකුවේ ගිණුම් 6 ක් ඇත.(වටිනාකම් වාරණය කරඇත)
භාර්යාව විසුල නිදහස හෝටලයේ හාලගාවක් සඳහා රු මිලියන 30 ක් ආයෝජනය කර ඇත.
මේ මොහොතේ තමා අතේ ඇති මුදල - මිලියන 100
බිරිය සතු ස්වර්නාභරණ වටිනාකම - ලක්ෂ 14
භාවිත කරන වාහනය ටොයෝටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයකි.
නාරාහේන්පිට හා තුන්බෝවිල නිවස සහිත ඉඩම් එක බැගින් ඇත. තුන්බෝවිල තවත් ඉඩම් තුනක්ද අතුරුගිරියේ ඉඩමක් හා හෝටලයක්ද ඇත.
ලක්ෂ 48 ක ණයක් මහජන බැංකුවෙන් 2023 ලබා ඇත. ලක්ෂ 42 ක් පමණ ගෙවීමට ඉතිරිය.
මිලියන 50 ක ණයක් රයිඩර් හෝල්ඩින්ග්ස් වෙතින් 2024 ලබා ඇත තවම ගෙවා නැත.
විජයදාස රාජපක්ෂ
ඇමති වැටුප රු 65000 ක් හා මන්ත්‍රී වැටුප් දීමනා ද සමග රුපියල් 2,80,000කි. ටොයෝටා වී 8 (V8) ජීප්රථයක් භාවිත කරයි. ලෝටස් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස මාසිකව රු 1000000 ලබයි.
බිරිය නීතීඥ සමාගමක අධ්‍යක්ෂිකාවකි වැටුප ලක්ෂ 5
බිරිඳට මාල 5 ක්,වළලු 8 ක් හාකරාඹු ජෝඩු 8 ක් ඇත (වටිනාකම සඳහන් නොවේ) ටොයොටා වී8 ජීප් රථයක් ඇත. අක්කර 9 ක සීවිව් වත්ත නම් පොල් වත්තක් සතුය. දෙල්ගහවත්ත ඉඩමින් මාසිකව රුපියල් මිලියන 4 ක ආදායම් ලබයි. නිට්ටඹුවේ ඉඩම් 3 ක් වතු 1 ක්,නාවල නිවසක් නාවල වාණිජ ගොඩනැගිල්ලක් මිරිහානේ ඉඩමක් සතුය.
සමාගම් 11 ක මිලියන 29 ක් පමණ ආයෝජනය කර ඇත.
දිලිත් ජයවීර
දිලිත් ජයවීරගේ මාසිකව රුපියල් 16,500,000ක් ආදායම් ලබන්නෙකි. සම්පත්, කොමර්ෂල් හා හැටන් සැෂනල් බැංකු ගිණුම් 3 ක් පමණක් ඇත.
තමාගේ නමින් එක් සමාගමකත් බිරියගේ නමින් සමාගම් 7 කත් ආයෝජන සිදුකර ඇත
වන්ගෝල්ෆේස්හි අපාර්ට්මන්ට් නිවසක්ද පැඟිරිවත්ත සහ නීලම්මහර පාරේ නිවසක් බැගින් තිබේ. භාවිත කරන වාහනය සඳහන් කර නැත.
බැංකු ණය 7 ක් ලබාගෙන තවම මිලියන 300 ක් පමණ ගෙවා අවසන් නැත.
රොෂාන් රණසිංහ
මන්ත්‍රී වැටුප රුපියල් 65,000කි. දීමනා රුපියල් 340,000කි. ව්‍යාපාරික වැටුප රුපියල් 500,000කි. ජපානයෙන් ලැබෙන ව්‍යාපාරික වැටුප රුපියල් 3,000,000කී.
බිරිය නීතීඥවරියකි සමාගම් අධ්‍යක්ෂවරියකි වැටුප ලක්ෂ 2. බැංකු 5 ක ගිණුම් ඇත. (වටිනාකම් වාරණය කර ඇත)
වොටර්ස් ඒජ් සමාගමේ කොටස් හිමිය. ශ්‍රී ලංකාවේ සමාගම් 6 ක හා ජපාන සහ බ්‍රිතාන්‍ය සමාගම් 6 ක ආයෝජන සිදුකර තිබේ
මිලියන 52 ක ස්වර්ණාභරණ හා ඔරලෝසු සතුය
භාවිත කරන වාහනය මස්ටෑන්ග් මෝටර් රථයකි. වාද්දුව,බත්තරමුල්ල දෙහිවල, මහනුවර දඹුල්ල හා පොළොන්නරුව ව්‍යාපාරික ගොඩනැගිලි සහිත ඉඩම් 6 ක් ද නිවස සහිත ඉඩමක්ද, තවත් ඉඩම් 2 ක්ද ඇත. පදිංචියට නිවාස 3 ක් දෙහිවල, පොළොන්නරුවේ හා බත්තරමුල්ලේ ඇත. අවස්ථා 3 කදී ලබාගත් ණය මිලියන 92 කින් මිලියන 78 ක් ගෙවීමට ඉතිරිව ඇත.
සියලුම අපේක්ෂකයින් අත්අකුරු වලින් පුරවා දක්වන ලද වත්කම් බැරකම් වාර්තා පහත නම් ක්ලික් කර නරඹන්න. (සැලකිය යුතුය - ඒවායෙහි කළු කොටු මගින් වසා ඇතැම් තොරතුරු කොමිසම සඟවා ඇත )
- Ranil Wickramasinghe
- Anura Kumara Disanayake
- Sajith Pemadasa
- Roshan Ranasinghe
- Lakshman Namal Rajapaksha
- Wijayadasa Rajapaksha
- Sarath Fonseka
- Dilith Jayaweera
- Sarath Manamendra
- Oshala Herath
- ASP Liyanage
- Sirithunga Jayasooriya
- Siripala Amarasinghe
- Kishnasami Ramasami Kishan
- Pushpakumara Wickramasinghe
- Disanayaka Mudiyanselagae Bandaranayake
- Nuwan Bopage
- Iduz Mohamad Illiyaz
- Kaladugoda Kankanamge Piyadasa
- Kirthi Wickramaratne
- Angampodi Prsanga Suranjeewa Anoj De Silva
- Ajanta Fransis De Zoysa
- Rev. Battaramulle Seelaratana
- Abubakar Mohamad Infaz
- Janaka Rathnayake
- Marakkala Manage Pemasiri
- Sidny Jayarathna
- Sarath Vijitha Kumara Keerthirathne
- Deva Mahindadasa
- Namal Ajith Rajapaksha
- Pakkiyaselwvam Ariyanetthiran
- Akmeemana Dayaratana
- Lalith De Silva
- Annanda Kularathne
- Mailwaganam Thilakaraja
- Biyanvilage Antani Wikter Perera
- Sarath Kumara Bandaranayake
- Wajirapani Wijesiriwardena
- Anurudda Polgampala
0 Comments