The-first-one-day-match-against-India-is-a-draw
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර  පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු සමවීමෙන් ඊයේ (03)රාත්‍රියේ අවසන් විය.


කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේදී  කඩුලු 8ක්  දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 230 කි.
ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 230ක් පමණයි.
මෙහිදී තරග නීති අනුව ලකුණු සමවීමක් මත කිසිවකුට ජය හිමි නොවන අතර ජය පරාජයෙන් තොර තරගයක් ලෙස නම් කිරීමට සිදුවිය.