
අම්පාර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ අත සපා කා තුවාල සිදුකර සැරයන්වරියකගේ නිල ඇඳුමෙන් ඇද එය ඉරා දමා පහර දී තුවාල සිදු කළ කාන්තාවක පෙරේදා අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය සහ සැරයන්වරිය අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර පරගහවෙල ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම කාන්තාව සිදු කළේ යැයි කියන පහර දීමකට අදාළව පැමිණිල්ලක් විභාග කිරීමට එම කාන්තාව සහ පහර කෑමට ලක් වූ පාර්ශ්වය අම්පාර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා තිබියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.අම්පාර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සැකකාර කාන්තාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval