ampara-incident



අම්පාර දඩ­ය­ම්ත­ලාව රුහු­ණු­ගම ප්‍රදේ­ශයේ වයස අවු­රුදු 09ක් වන පාසල් ශිෂ්‍යා­ව­කට බර­ප­තළ ලිංගික අප­යෝ­ජන කළ පෞද්ග­ලික සංගීත ගුරු­ව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට අම්පාර මධ්‍යම කඳ­වුර පොලිස් ස්ථානය මඟින් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.



මෙම පාසල් ශිෂ්‍යා­වගේ මව විසින් පෙරේදා (20) පොලි­සි­යට කළ පැමි­ණිල්ල අනුව අවස්ථා ගණ­නා­ව­ක­දීම මෙම පෞද්ග­ලික සංගීත ගුරු­ව­රයා විසින් එම දැරිය අත­ව­ර­යට ලක්කර ඇතැයි සඳ­හන් වෙන බව අම්පාර මධ්‍යම කඳ­වුර පොලිස් ස්ථානයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පති­රණ මහතා පැව­සීය.

පසු­ගිය අප්‍රේල් මස දින­කදී මෙම දැරිය සංගීත ගුරු­ව­රයා විසින් පළ­මු­ව­රට බර­ප­තළ ලිංගික අප­යෝ­ජ­න­යට ලක් කර ඇති අතර පසුව වරි­න්වර සිදු­වීම් සිදුව ඇති අතර අව­සාන වරට ලිංගික අප­යෝ­ජ­න­ය­කට ලක්ව ඇත්තේ මැයි මස එම දැරි­යගේ උපන් දින­යදා බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව තිබේ.

මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් එම දැරි­යගේ මවට පැව­සී­මෙන් අන­තු­රුව එම දැරි­යගේ මව මේ සම්බ­න්ධ­යෙන් අදාළ පෞද්ග­ලික සංගීත ගුරු­ව­ර­යා­ගෙන් විම­සී­මෙන් අන­තු­රුව ඔහු ප්‍රදේ­ශයේ පලා­ගොස් ඇති අතර අන­තු­රුව දැරි­යගේ මව විසින් පොලි­සි­යට පැමි­ණිලි කර තිබේ.

මේ වන විට අත­ව­ර­යට ලක්වූ දැරිය අම්පාර රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත අධි­ක­රණ වාර්තා­වක් ලබා ගැනී­මට ඉදි­රි­පත් කර තිබේ.

සැක­කරු හඳු­නා­ගෙන ඇති අතර ඔහු ප්‍රදේ­ශ­යෙන් පලා ගියද වහාම අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­වනු ඇති බව පොලි­සිය සඳ­හන් කළේය. පොලි­සිය පව­සන්නේ තම දරු­වන් සම්බ­න්ධ­යෙන් මාපි­යන් වඩා සැල­කි­ලි­මත්ව කට­යුතු කරන ලෙසය.
( රක්ෂණ ශ්‍රියන්ත)