anura-kumara-speaks

 පසුගියදා සියත රූපවාහිනී නාලිකාවට පැමිණ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් අදහස්  දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ කීවේය.

"අපට සියයට පනහක් ලබා ගැනීම අභියෝගයක් නෙවෙයි. ජනපතිවරනෙකදි තරගෙ තියෙන්නෙ මෙහෙමයි. දැන් ඔය විවිධ කණ්ඩායම් මේකට නෙමේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් මන්ත්‍රීධූර ලබාගන්න අවස්ථා ලැබෙනවා. ඒත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වන කුඩා කුඩා කණ්ඩායම් ඔක්කොම නිතරගයෙන්ම ගෙදර යනවා.


පොදු ජනතාව දන්නවා අපිත් 2019 නිතරගයෙන්ම ගෙදර. එතැන තිබුණ කඳවුර දෙක වුනේ සජිත්-ගෝඨාභය ඡන්දය ප්‍රකාශ කරන අය ඒ දෙකින් එකකට ඡන්ද දෙන්න කේන්ද්‍ර වෙනවා. පොඩි පක්ෂ වලට බලය එන්නැති නිසා ඡන්ද නාස්ති කරන්න යන් නැහැ.ජනාධිපති ඡන්දයක ස්වභාවය ඒකයි.
ඒ නිසා මේ සැරේ ජනාධිපති ඡන්ද නාම යෝජනා පත්‍රය මොනතරම් ලැයිස්තු නම් තිබුණත් අවසානයේදී මේක ද්වීකේන්ද්‍ර සටනක් බවට පත්වෙනවා.
ජාතික ජන බලවේගය එහි දැනටමත් එක් කඳවුරක් නියෝජනය කරනවා. මගේ අදහස එක්කෝ රනිල් එන් පී පී. එක්කෝ සජිත් එන් පී පී සටනක් විතරයි මෙහි තිබෙනු ඇත්තේ.  මැතිවරණය දිනීමේ හැකියාව මේ දෙකෙන් එකකට පමණයි ලැබෙන්නේ.
අනිත් අය  අවශේෂ දේශපාලන පක්ෂ බවට පත් වෙනවා. මොකද ඒවට නිතරඟයෙන් ගෙදර බව තහවුරු වෙනකොට ඡන්දදායකයන් දෙපැත්තකට යන එක වළක්වන්න බැහැ.
දැන් ජාතික ජන බලවේගය අපි හරි නිශ්චිතයි.


ස්ථාවර ප්රතිපත්තියක්, සංවිධානයක්, සැලැස්මක් එක්ක අපි වැඩ කරනවා. අපේ අනෙකා කවුද කියලා කියන්න තාම ඉක්මන් වැඩියි .
රනිල් හෝ සජිත් කඳවුරු චලනය වෙමින් තිබෙන්නේ. එකක්වත් ස්ථාවරභාවයට ඇවිල්ල නැහැ.
මේ නිශ්චිත මොහොත ගත්තොත් රනිල්ට කියන්න කතාවක් තියනවා. අවුරුදු දෙකක් හිටිය නිසා. ඒත් ගමේ ඡන්ද නැහැ.
 හැබැයි අර ගමේ ඡන්දයෙන් සජිත් ප්රේමදාසට යම් ප්රමාණයකට ඡන්ද ටිකක් තියෙනවා. හැබැයි කියන්න කතාවක් එයාට නැහැ.
ඒ නිසා අපට මේ තරගයෙදි වැඩි වාසි තියනවා අනිවාර්යෙන් අපි සියයට 50  පසුකර ලබා ගන්නවා.
සජිත් එක්ක ඉන්න අය බැලුවාම මිනිස්සු ප්‍රතික්සේප කළ චරිත ජී එල් පීරිස් තමන් ළඟ තියාගෙන රටේ නීතිය ගැන සජිත් කියවන්නේ. හැම ව්යවස්ථා සංශෝධනයටම අත උස්සපු අවස්ථාවාදී ජී එල් පීරිස් එක්ක ශක්තිමත් නීති රාමුවක් ගැන සජිත් කතා කරන්නේ.
 වංචා දූෂණයෙන් තොර පාලනයක් හදනවා කියලා රාජ්ය සේවය පුරවලා ඒ නිවාස අධිකාරිය විනාශ කරලා අරමුදල් විනාශ කරලා සංස්කෘතික අරමුදල විනාශ කළ එයාට කියන්න පුළුවන්ද කාර්යක්ෂම රාජ්ය සේවයක් සහ නාස්තියෙන් දූෂණයෙන් තොර පාලනය ස්ථාපිත කරනවා කියලා. ඒක කියන්න බෑ. එයාට කියන්න පුළුවන්ද?
අර පහුගිය කාලේ රාජ්ය සම්පත් විකිණීමට අත උස්සලා මට මතකයි හම්බන්තොට වරාය විකුණන චෙක් පතක් ගන්න තැන සජිත් ප්රේමදාස කෙළවර හිටගෙන හිටියා.

ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියලා එයාට කියන්න පුලුවන්ද අලුත් ආර්ථික ප්රවේශයක් අපි යනවා කියලා කියන්න බෑ. රනිල් වික්රමසිංහගේ ආර්ථික උපදේශකවරුන් තමා මෙයා ගාවත් ඉන්නේ.
ඒ නිසා සජිත් ප්රේමදාසට අලුතින් කිසි කතාවක් කියන්න බෑ.
 හැබැයි රනිල්ට කියන්න කතාවක් තියෙනවා.
ඉතින් අපි බලමු මේ කියන්ඩ කතාව තියන රනිල්ද අපේ අනෙකා වෙන්නෙ නැත්නම් මේ ග්රාමීය වශයෙන් ඉතුරුවෙලා තියෙන යම් ඡන්ද ප්රමාණයක් එක්ක යන සජිත් ද කියලා. එ දෙන්නා අතර තරගයකින් තමා එක් අයෙකු අනෙක් කඳවුරට පත්වන්නේ.
පොහොට්ටුවේ අපේක්ෂකයන් අපේ අනෙකා බවට පත් වෙන්නෙ නම් නැහැ. පොහොට්ටු අපේක්ෂකයා නොසලකා හැරීමක් බවට පත්ව ගෙදරයාම වලක්වන්න බෑ.