anuradapura-servent-theft

අනු­රා­ධ­පුර නෙළු­ම්කු­ලම ප්‍රදේ­ශයේ නිව­සක කුලී පද­නම මත සේවය කර­මින් කිරි ගව­යන් රැක­බලා ගෙන සිටින අත­ර­වා­ර­යේදී එම නිවසේ තිබූ යතු­රු­පැ­දි­යක් ඇතුළු ලක්ෂ අට­කට ආසන්න දේපොළ සොර­කම් කර පලා ගිය 20 හැවි­රිදි අඹු සැමි යුව­ළක් පෙරේදා (29) නාර­ම්මල ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගත් බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ පුත්ත­ලම, රත්ම­ල්යාය ප්‍රදේ­ශයේ පදිංචි පිරිමි පුද්ග­ල­යකු සහ දෙහි­ඕ­විට ගොඩ­ග­ම්පල පදිංචි විසි­හැ­වි­රිදි යුව­ළකි.



සොර­කම සිදුව තිබූ නිවසේ පදිං­චිව සිටි බිරිය සහ සැමියා කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ විදේශ රැකියා ආය­ත­න­යක රැකි­යාව සිදු කරන අත­ර­වා­රයේ කිරි ගව පාල­නය සිදු කරන බවත් නිවා­ඩු­වට පැමිණ සිටි අව­ස්ථා­වේදී මෙම සොර­කම සිදුව තිබූ බව පොලි­සිය පව­සයි.

සැක­කරු හා සැක­කා­රිය ගව­යන් ගාල්ක­රන වත්තේ ඇති නිව­සක නැවතී සිටී­මට සලස්වා ගව­යින්ගේ කිරි රැගෙන යෑම සඳහා යතු­රු­පැ­දි­යක් ද ලබා දී තිබූ බව පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

ඒ අනුව නිවසේ තිබූ යතු­රු­පැ­දිය, ජංගම දුර­ක­තන තුනක්, මුද­ලින් රුපි­යල් 236,000ක්, රන් මාල­යක්, රන් අත්ප­ල­ඳ­නා­වක් ඇතුළු රුපි­යල් හත්ලක්ෂ හැත්තෑ­එ­ක්දා­හක මුදල් හා දේපොළ රැගෙන ගොස් ඇති බව පැමි­ණිල්ලේ වැඩි­දු­ර­ටත් සඳ­හන්ව ඇති බව පොලි­සිය පව­සයි.



සැක­කාර යුව­ළ­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී සොර­කම් කරන ලද දේපො­ළ­ව­ලින් කොට­සක් සොයා ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර යුවළ අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.
(අනු­රා­ධ­පුර - සශිනි මධු­ෂානි)