aruna-darshana-disqulified

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩක අරුණ දර්ශන ඊයේ (6)  පැරිස් ඔලිම්පික් 2024 පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයෙන් පුද්ගලික හොඳම දක්ෂතා ලබා 5 වන තැන ලබා තිබුණත් ඔහුගේ දිවීමේ උත්සාහය අවලංගු කර තරගයේ නුසුදුස්සකු බවට පත් කර ඇතැයි පසුව වාර්තා කර තිබේ.
ඊයේ තරගය ඔහු ශක්තිමත්ව ආරම්භ කළ නමුත් පළමු මීටර් 100 න් පසු පසුබෑමට ලක් විය. අනතුරුව වේගය වැඩිකර නව පුද්ගලික හොඳම තත්පර 44.75 සමඟින් පස්වන ස්ථානයට පත් වුවද, ඔහු TR17.2.3 රීතිය යටතේ මංතීරු උල්ලංඝනයක් සඳහා නුසුදුස්සකු විය.


ඔහු තම මංතීරුවෙන් පිටපැන ධාවනය කිරීම මෙම වරදයි.ඒ අනුව ඔහු වාර්තා කළ කාලය වාර්තා වලින් ඉවත් කරන ලදි.
ඔහු නුසුදුස්සෙකු නොවුණා නම් ඊයේ දැක්වූ දක්ෂතාව අනුව ඔහුට 2025 ජපානයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ඉඩ ලැබී තිබුණ නමුත් අවාසනාවන්ත ලෙස එය ගිළිහී ගොස් ඇත.

සතියකට පෙර, ඔහු 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවෙන් අවසන් පූර්ව වටයට පිවිසි එකම ඔලිම්පික් ක්‍රීඩකයා බවට පත් වූයේ ජාතියට ආඩම්බරයක් ලබා දෙමිනි.
ඔහු පැරිස් 2024 ඔලිම්පික් උළෙලේ අනෙකුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියට ගිය එකම ක්‍රීඩකයා විය.
ඔහු ඊයේ තරග කළ හැටි වීඩියෝව පහතින්