aruna-dharshana-semi-final-olympic-400m

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සහභාගී වන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගය අද (06) පැවැත්වුණ අතර ඔහු එහිදී එම ඉසව්ව  තත්පර 44.75 කාලයකින් නිම කරමින් 5 වන ස්ථානය දිනාගත්තේය. එම කාලය අරුණගේ පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා පොතටද ඇතුළත් විය.
මූලික වටය අවසානයේ දී ශ්‍රේණිගතකිරීම් අනුව අරුණට හිමිව තිබුනේ 17 වැනි ස්ථානය වන අතර අද තරගයේ තත්පර 43.78 කින් ග්‍රෙනඩා ක්‍රීඩකයාත් තත්පර 43.81 කින් සැම්බියා ක්‍රීඩකයාත් ඊළඟ වටයට තේරිණි.
අරුණ දර්ශන මෙම ප්‍රතිඵලය සමග තරගාවලියෙන් ඉවත්වන්නට සිදුවූ නමුත් ඔහු සිය හොඳම දක්ෂතා පෙන්වමින් රට නියෝජනය කළේය. විශේෂයෙන් ඔලිම්පික් මීටර 400 අවසන් පූර්ව වටයට ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට ඔහු පත්විය.
වීඩියෝව පහතින්