ධර්ම විකෘතියක යෙදෙන මීවනපලානේ සිරිධම්මාලංකාර හෙවත් සිරිසේන හපුතන්ත්‍රි නම් භික්ෂු ප්‍රතිරූපකයාට සහාය දීමෙන් හා එකී භික්ෂු ප්රතිිරූපකයාගේ ධර්ම විකෘතීන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමෙන් මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස ශාසන සම්ප්‍රදායට හානිකර තිබෙන බව පිළිගෙන ඒ සම්බන්ධයෙන් මල්වතු මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ සානුනායක කාරක මහ සංඝ සභාවෙන් බදුල්ලගම්මන සුමනසාර ස්ථවිරයන් සමාව ඉල්ලා ඇත.
මීවනපලානේ සිරිධම්මාලංකාර නම් සාවද්‍ය අනන්‍යතාවකින් කටයුතු කරන සිරිසේන හපුතන්ත්‍රි නම් ධර්ම විකෘතිකයාට සහාය හා අනුග්‍රහය ලබාදීම පිළිබඳව චෝදනා ලැබ සිටින බදුල්ලගම්මන සුමනසාර ස්ථවිර එකී චෝදනා විභාග කිරීම සඳහා පසුගියදා මල්වතු මහ විහාරීය කාරක මහ සංඝ සභාව ඉදිරියට කැඳවූ අවස්ථාවේ මෙම සමාව අයැද සිටීම සිදුකළ බව මල්වතු මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ අස්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
ශාසන සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කිරීමෙන් වරදක් කර ඇති බව පිළිගෙන ඒ පිළිබඳ ගරුතර කාරක මහ සංඝ සභාව ඉදිරියේ සමාව භජනය කරන ලද බදුල්ලගම්මන සුමනසාර ස්ථවිර වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්රතිිරූපකයා හෝ එකී ධර්ම විකෘතිය අනුගමනය කරන කිසිවකු සමඟ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොපවත්වන බවයි. එකී ධර්ම විකෘතිය නියෝජනය කිරීම හෝ ප්‍රවර්ධනයට මොනයම් ආකාරයක හෝ දායකත්වයක් ලබා නොදෙන බවට උන්වහන්සේ
පොරොන්දු වී ඇත. මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා විසින් සිදු කරනු ලබන්නේ ධර්ම විකෘතියක් බවත් එය ථෙරවාදී බෞද්ධ දර්ශනයට ඉ¾දුරාම පටහැනි මිථ්‍යා දේශනාවක් බව සහතික කොට ප්‍රකාශ කරන බවත් මෙහිදී බදුල්ලගම්මන සුමනසාර ස්ථවිරයන් ගරුතර කාරක මහා සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
මහනුවර – කේ.එල්. සුරවීර
0 Comments