bandula-speaks

 මහබැංකු බැඳුම්කර වංචාව සිදු කළේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් යැයි තමන් කිසිදු විටෙක ප්‍රකාශ කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, තමා කිසිම වෙලාවක රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු හොරකම කළ බවට පවසා නොමැති බවත්
රනිල් වික්‍රමසිංහ මැතිතුමා  පත් කරපු අය නිසා එය වූ බවත්ය.
මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ, එවැනි දෙයක් තමා එතන වෙලා තියෙන්නෙ. ඔහු කීය.



ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි රටක් ගොඩ ගන්න වැඩපිළිවෙලක්  හදලා ඒක නීතියක් විදියට කරල තියෙන එකම නායකයා.

අපි රනිල් වික්‍රමසිංහ මහත්මයට නෙමෙයි සහය දෙන්නේ ජාතික වැඩසටහනකට අපි තීන්දු තීරණ ගන්න කොට පක්ෂ පුද්ගලයන් පිළිබඳ නෙමෙයි රට පිළිබඳවයි හිතල තීරණ ගන්න ඕනෙ.

“මම කිසිම වෙලාවක කියලා නැහැ මහා බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එතුමා පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ .ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ”

මේ සමග පළවන්නේ පසුගිය මහමැතිවරණයේදී බන්දුල ගුණවර්ධන මහතා පොහොට්ටුවේ අපේක්ෂකයෙකු ලෙස ප්‍රචාරණයේ යෙදෙද්දී පළ කර තිබූ පුවත්පත් දැන්වීමකි.