bangladesh-hasina-house

 ශ්‍රී ලංකාවේ 2022 ඇතිවූ සංසිද්ධිය සිහියට නගමින් අද දින බංග්ලාදේශයේ අරගල කරුවන් අගමැතිගේ නිල නිවස වැටළූ අතර ඒ අවස්ථාවේ ගේට්ටු කඩා විශාල පිට්ටනියක් දිගේ ඇතුළත මැදුර වෙත පිවිස තිබුණි.

අනතුරුව එහි ඇඳන් මත වැතිරෙමින් සෙල්ෆි ගසමින් විනෝදවූ තරුණයින් කෑම කන්නටද ගිය අතර යාබද නාන තටාකයද පරිහරණය කර තිබුණි. හිටපු අගමැතිනි හසීනාගේ යට ඇඳුම්ද ප්‍රදර්ශනය කරමින් ඡායාරූප ගන්නට කටයුතු කර තිබුණි. (2009 සිට බලයේ සිටි නායිකාව වත්මන් පරපුරේ අප්‍රසාදයට ලක්ව ඇත) අගමැති මැදුරේ තිබූ වටිනා කියන භාණ්ඩ රැගෙන යාමටද පිරිස් කටයුතු කළ අතර ඒවා අතර රූපවාහිනී යන්ත්‍ර,දුරකථන,හාවුන් ඇතුළු සුරතල් සතුන්ද විය.
මේ වනවිට ෂීක් හසීනා ඉල්ලා අස්වී ඇති අතරම රටින් පළාගොස් ඇත.
එම සිදුවීම් වල වීඩියෝ එකතුව තනි වීඩියෝවක් ලෙස පහතින්