bangladesh-hasina-son

සිය මව නැවත බංග්ලා­දේ­ශ­යට නොපැ­මි­ණෙන බවත්, ඇය යළි දේශ­පා­ල­න­යට එක් නොවන බව බංග්ලා­දේ­ශයේ හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මව ඇතුළු සිය පවුල හැකි සෑම අව­ස්ථා­ව­ක­දීම බංග්ලා­දේ­ශය රැක ගැනී­මට කට­යුතු කළ බවත්, සිය මව බංග්ලා­දේ­ශය උඩු­ය­ටි­කුරු කර­මින් එරට ආර්ථි­කය පෙර නොවූ විරූ අයු­රින් සංව­ර්ධ­නය කළ බවත් සජීබ් වසීඩ් වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.



සිය මව බංග්ලා­දේ­ශය භාර ගන්නා විට එරට ඉතා දිළිඳු රටක් ලෙස පැවැති බව කී ඇගේ පුත්‍රයා අද වන විට බංග්ලා­දේ­ශය ආසි­යාවේ නැඟී එන ආර්ථි­ක­ය­කට හිමි­කම් කියන රටක් බවට පත් කිරීමේ ගෞර­වය මවට හිමි­විය යුතු බව ද ප්‍රකාශ කර තිබේ.

‘අපේ පවුල අසීරු අවස්ථා තුන­කට මුහුණ දුන්නා. හමුදා කුම­න්ත්‍රණ තුන­කට ගොදුරු වුණා. අපේ වැඩ කට­යුතු දැන් ඉව­රයි. දැන් බංග්ලා­දේ­ශයේ පාල­නය ඔවු­න්ටම භාරයි.‘ හසී­නාගේ පුත්‍රයා එසේ සඳ­හන් කර ඇත.

අග­මැ­ති ­ධු­රය හැර­දමා රටින් පලා ගොස් ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර ගුවන් හමුදා කඳ­වු­රක තාව­කා­ලි­කව රැඳී සිටි බව කියන බංග්ලා­දේ­ශයේ හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසීනා ඊයේ රාත්‍රියේ එංග­ල­න්තය බලා පිට­ත්වී­මට නිය­මි­තව සිටි බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. නව­දිල්ලි නුව­රට පැමි­ණී­මෙන් පසු ඇය ඉන්දි­යාවේ ආර­ක්ෂක උප­දේ­ශක අජිත් ඩොවාල් මුණ ගැසී බංග්ලා­දේ­ශයේ වත්මන් තත්ත්වය පිළි­බඳ කියා සිටි බවත්, එම තොර­තුරු විදේශ ඇමැති එස්.ජයි­ශං­කර් විසින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට වාර්තා කර තිබූ බවත් එරට මාධ්‍ය සඳ­හන් කළේය. ශෙයික් හසී­නාට එංග­ල­න්තය බලා යෑමට අවශ්‍ය කට­යුතු සඳහා සිය ගුවන් සීමාව භාවිත කිරී­මට ඉන්දීය රජය අව­සර ලබා දී ඇතැයි ද වාර්තා වේ.



කෙසේ වුවද හසී­නාගේ ලන්ඩන් ගමන පිළි­බඳ මාධ්‍ය මඟින් අනා­ව­ර­ණය වූ තොර­තුරු සඳහා ප්‍රති­චාර දක්ව­මින් බ්‍රිතාන්‍ය අභ්‍ය­න්තර කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇත්තේ තාව­කා­ලික ආර­ක්ෂාව හෝ සර­ණා­ග­ත­භා­වය අපේ­ක්ෂා­වෙන් කිසිදු පුද්ග­ල­ය­කුට එර­ටට පැමි­ණී­මට බ්‍රිතාන්‍ය සංක්‍ර­ම­ණික නීතිය යටතේ අව­සර නොලැ­බෙන බවය. රැක­ව­ර­ණය අවශ්‍ය පුද්ග­ල­යන් සඳහා ආර­ක්ෂාව සැප­යීම සම්බ­න්ධව කීර්ති­මත් ඉති­හා­ස­යක් බ්‍රිතා­න්‍ය­යට තිබු­ණද, සර­ණා­ග­ත­භා­වය හෝ තාව­කා­ලික රැක­ව­ර­ණය ලබා­ගැ­නීම සඳහා කිසිදු පුද්ග­ල­ය­කුට අව­සර දීමට බ්‍රිතාන්‍ය නීතියේ ප්‍රති­පා­දන නැති බවත් එරට අභ්‍ය­න්තර කට­යුතු අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර ඇතැයි වාර්තා වේ.