bangladesh-prime-minister-flees-country

පසුගිය කාලය පුරා ඇවිළී ගිය බංගලාදේශ සිසු- ජනතා අරගලයෙන් පසු අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී රටින් පලා ගොස් තිබේ. සිය ගණනක් මිය ගිය රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් දින නියමයක් නැති ඇඳිරි නීතියක් පනවා ඇති පසුබිමක මෙය සිදුවිය.
මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ සිදුවීම සිහිගන්වන සිදුවීමකි.
ෂික් හසීනා සහ ඇගේ සොහොයුරිය හමුදා හෙලිකොප්ටරයකින් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව වාර්තාවන අතර හසීනා සිටින ස්ථානය අපැහැදිලි බවත් ඇය ඉන්දියාවට යන්නට ඇතැයි අනුමාන කරන බවත් බීබීසී වාර්තාවක දැක්වේ.



    ඇඳිරි නීතිය සහ අන්තර්ජාල අවහිර කිරීම් නොතකා, ප්‍රීති ඝෝෂා නගමින් විරෝධතාකරුවන් විශාල පිරිසක් ඩකා අගනුවර පිහිටි ඇයගේ නිල නිවසට කඩා වැදී තිබේ.

    පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් ඉරිදා අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මිය ගිය අතර මෑත සතිවල මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි.

    සිවිල් සේවා රැකියා කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය විරෝධතාව ජූලි මාසයේ ආරම්භ වූ නමුත් දශක දෙකකට වැඩි කාලයක් බලයේ සිටි හසීනාට ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන ඉල්ලීම් දක්වා එම විරෝධතාව දිව ගියේය.
පසුගිය දිනවල බංගලි විරෝධතා කරුවන් ශ්‍රී ලංකාවේ පෙර සිදුවීම් ආදර්ශයට ගෙන තම නායිකාව එළවා දමන බවට ප්‍රචාරයක්ද ගෙන ගොස් තිබුණි.
නවතම වීඩියෝ දර්ශන පහතින්