Dinesh-Champika-Johnston-eager-to-go-to-Ranil

පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහට සහය පළකරන ආන්ඩු පක්ෂ රැස්වීමට අගමැතිවරයා ලෙස සහභාගී වූ නමුත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහින්ද පිලට සම්බන්ධ වෙනවාද රනිල් පිලට සම්බන්ධ වෙනවාද යන්න දෙගිඩියාවෙන් පසුවන බව වාර්තාවේ.
ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී දේශ­පා­ලන පක්ෂ­යක් වශ­යෙන් ඔහු නියෝජනය කරන මහ­ජන එක්සත් පෙර­මුණ විසින් ගනු ලබන ස්ථාව­රය සම්බ­න්ධ­යෙන් තීර­ණය කිරී­මට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළ­ඹදී අද (01) රැස්වී­මට නිය­මි­තය.


අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් මහ­ජන එක්සත් පෙර­මුණ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ හා සන්ධා­න­ග­තව ඉකුත් මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් විණි.
කොළඹ දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණින් මහ මැති­ව­ර­ණ­යට මහ­ජන එක්සත් පෙර­මු­ණෙන් ඉදි­රි­පත් වූ වත්මන් අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන, ගම්පහ දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ වත්මන් රාජ්‍ය ඇමැති සිසිර ජය­කොඩි සහ ජාතික ලැයි­ස්තු­වෙන් පාර්ලි­මේ­න්තු­වට පත් වූ යදා­මිණී ගුණ­ව­ර්ධන මේ වන විට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරති.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී­මෙන් පසුව ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් පක්ෂයේ ස්ථාව­රය ප්‍රකා­ශ­යට පත් කරන බව ද පක්ෂ අභ්‍ය­න්තර ආරංචි මාර්ග සඳ­හන් කරයි. 


මේ අතර එක්සත් ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට නියමිත බව වාර්තා වේ.


නමුත් ඒ පිළිබඳ අවසන් තීරණයක් තවමත් අරගෙන නොමැති බවද වාර්තා වේ. පහුගිය දවසක එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභාව කැඳවා චම්පික මේ පිළිබඳ මත විමසීමක් කර තිබේ. එහිදී බෙදුණු අදහසක් මතු වී ඇති අතර කොටසක් තරයේම කියා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා එකතු වන ලෙසයි. මේ අතර චම්පික ආවොත් රනිල් පිළට අර්බුදයකට මුහුණපෑමට සිදු වන බවද වාර්තා වේ. ඒ චම්පික හා අමාත්‍ය ටිරාන් අලස් අතර දරුණු මට්ටමේ ආරවුලක් ඇති බැවිණි. කෙසේ වෙතත් රනිල්ට සහාය දෙන ජ්‍යෙෂ්ඨයන් රැසකගේ මතය වී ඇත්තේ චම්පික රණවක එක් කරගැනීම ඉතා වැදගත් බවයි.

මන්ත්‍රිවරයා පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පෙරේදා (30 වැනිදා) පැවැති ජනහමුවකදී මෙසේ කියා ඇත.

"අපි තවමත් රනිල් වික්‍රමසිංහට සහාය දෙනවාද කියලා තීරණයක් කරලා නෑ. අපි සමගි ජන බලවේගය එක්කත් පසුගිය පෙබරවාරි 14 වෙනිදා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් එක්ක සාකච්ඡා ක්‍රියාදාමයකට ගියා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමගත් අපි සාකච්ඡාවකට ගියා. ඒ නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අපි අපේ තීරණය ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආවා නම් අපි කිසිසේත් සහයෝගය දෙන්නේ නැහැ. ඒත් රනිල් වික්‍රමසිංහ පසුගිය කාලේ ගත්ත ඇතැම් පියවර පිළිබඳව අපේ කිසිම සතුටක් නැහැ.

නමුත් මේ රටේ මූලික ප්‍රශ්නය වෙච්ච, රට බංකොලොත් භාවයෙන් ඉදිරියට ගෙන යාම කියන ප්‍රශ්නයේදී අපි හිතනවා ඒ පිළිබඳව සාකච්ඡා කරලා එකඟතාවයන් ඇතිකර ගත යුතුයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ එක්ක නෙවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න මන්ත්‍රිලත් එක්ක" යැයිද හෙතෙම කීවේය.


මේ අතර පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමේ කැමැත්තකින් සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ‘‘මහින්ද මහත්තයා නිසා කරන්න දෙයක් නැතුව අසරණ වෙලා තමයි ඉන්නේ’’ යැයි ජොනීගේ වත්මන් තත්ත්වය පැවසුවද රනිල් පිල ඒ ගැන ඒ තරම් තැකීමක් කර නැත. ජොනී එජාපයට යළි එක් කර ගැනීමට මෙතරම් මැළිකමක් දක්වන්නේ එජාප කුරුණෑගල ප්‍රබලයා වන අකිල විරාජ් හා ජොන්ස්ටන් ආරවුල යළිත් කරළියට පැමිණේවි යැයි ඇති සැකය නිසා බවද වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට අකිල කුලියාපිටියේ නගරාධිපති ඇතුළු සියලුම මන්ත්‍රිවරුන් යළි එජාපය හා එක්කරගෙන ඇතත් නලීන් බණ්ඩාරට විශාල සවියක් වෙමින් සජබ බලය කුරුණෑගල පතුරුවන තරුණ මන්ත්‍රිවරයකු එක් කර ගැනීමට නොහැකි වීම පිළිබඳ කතා බහක් මතු වී තිබේ.