How-the-driver-sent-the-father-to-catch-the-lorry-that-hit-the-daughter

බලන්ගොඩ නගරයේදි යතුරු පැදියක් අනතුරට ලක් කර සත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලාගිය ලොරි රථයක් පිටුපස එම දැරියගේ පියා යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් එම ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති විදුරැවෙි එල්ලි රියදුරු අල්ලා ගැනිම උත්සාහ කර තිබෙන අතර එහිදී ලොරි රථයේ රියදුරු විසින් නැවත ලොරි රථය මීටර් 500ක් පමණ ඉදිරියට ධාවනය කර බලන්ගොඩ කහටපිටිය මාර්ගයේදි විදුලි කණුවක හප්පා එම පියා ඊයේ (01) දා සවස ඝාතනය කර නැවතත් ලොරි රථය පළාගොස් තිබෙන බව වාර්තාවේ.

පල්ලෙබැද්ද, අමිබැවිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයි.ඒ. තිලිණ රංගලාල් නැමති තිස්දෙක හැවිරිදි පියෙකු මෙලෙස මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම දැරිය බල්ලෙකු සපාකා ඇති අතර පියා සහ මව සමග යතුරු පැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට පැමිණ එන්නත් ලබා ගෙන නැවත අමිබැවිල ප්‍රදේශය දක්වා යතුරු පැදියෙන් ගමන් කර ඇත.



එහිදී නෙල්ලි මිල දි ගැනිම සදහා බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා යතුරු පැදිය ධාවන කර ඇති අතර එහිදී පැමිණ ලොරි රථයක් යතුරු පැදියේ හප්පා තිබෙන අතර එහිදී සත් හැවිරිදි දැරියට තුවාල සිදු කර ලොරි රථය පලා ගොස් ඇත.

බලන්ගොඩ නගරයේදී යතුරුපැදියක් අනතුරට ලක්කර සත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පළාගිය ලොරි රථයක් ලුහුබැඳ ගිය පියාව ද අනතුරට ලක්කර ඝාතනය කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

අනතුරට ලක්වූ දැරියගේ පියා යතුරුපැදියෙන් ලොරිය ලුහුබැඳ ගොස් ලොරියේ රියදුරු අසුන පැත්තේ ඇති වීදුරුවේ එල්ලී රියදුරුව අල්ලා ගැනීමට උත්සාහ දරන අයුරු එහි දැක්වේ. එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු විසින් නොනවත්වා ලොරිය ඉදිරියට ධාවනය කරයි.



ඉන් අනතුරුව ලොරි රථයේ රියදුරු බලන්ගොඩ, කහටපිටිය මාර්ගයේ දී දැරියගේ පියාව විදුලි කණුවක හප්පා පළා ගොස් තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිලිණ රංගලාල් නැමති 32 හැවිරිදි පියෙකු බව පොලීසිය පැවසීය.

දැරියව බල්ලෙකු සපා කා ඇති අතර, පියා සහ මව යතුරුපැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට ගොස් නැවත එමින් සිටිය දී නෙල්ලි මිල දී ගැනීම සඳහා බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා යතුරුපැදිය ධාවනය කරන අතරතුර මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබු දරුවා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන මෙන් පවසා සැමියා ලොරි රථය පිටුපස ලුහුබැඳ ගිය බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසීය.

“ලොකු ලොරියක් ආවා. එන විදියටම මම කෑගැහුවා නවත්තන්න කියලා බයික් එක.

ඒ ගමන නවත්තලා තියෙද්දිම ලොරිය වද්දගෙන ගියා. ලොරියේ මැද හරිය වදිනකොටම දරුවා කෑ ගැහුවා අප්පච්චි මගේ කකුල කියලා. ඒ කියනකොටම දරුවායි මායි බැස්සා. ගොඩක් අය වට වුණා. මහත්තයා කිව්වා ඔයා දරුවා අරන් හොස්පිටල් යන්න කියලා.

මම ඉක්මනටම අරූ අල්ලගෙන එන්නම් කියලා. ඇහිපිල්ලම් ගහන පරක්කුවෙන් ඒ මිනිහා ගියා. හැරෙව්වා විතරයි එතැනින් එහාට මම දැක්කේ නෑ. මගේ මහත්තයාව ලයිට් කණුවේ හප්පලා මරලා දාලා ගිහින්. මට ඕනේ සාධාරණයක් වෙන්න. මගේ මහත්තයා කුලී වැඩ කරලා හම්බකරලා අපි දෙන්නට කන්න දෙන්නේ. දරුවාට අසීමිත ආදරයක් තියෙන්නේ. දරුවා වෙනුවෙන් එයා මැරෙන්න වුණත් එයා ලෑස්තියි. මගේ දරුවාට තාත්තෙක් ගෙනත් දෙන්න.”