Apsari-and-Hashan-Sjb-We-cannot-say-where-the-country-will-fall-without-Gota

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හා වත්මන් බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා සිය බිරිය අප්සාරි සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ජනපතිවරණයේදී සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක් වී තිබේ.


හෂාන්ගේ හා බිරියගේ සහය මේ දක්වා පැවතියේ රාජපක්ෂවරුන් වෙතය.
2019 ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහය පළ කළ අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පසුව 2021දී අගමැති මහින්ද රාජපක්ෂ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙසද කටයුතු කළාය. හෂාන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙසද මින් ඉහත කටයුතු කළේය.
2019 ජනාධිපතිවරණයේදී ගාල්ලේ පොදුජන එක්සත් පෙරමුණ රැළියකදී අප්සාරි සිංහබාහු තිලකරත්න මෙසේ කියා තිබුණි.



"එදා කොටි සංවිධානය මේ රටේ විවිධ තැන්වල විවිධ ආකාරයේ විනාශයන් කරන්නට මාන බලාගෙන සිටියා. මේ නිසා විදේශ ක්‍රිකට් කණ්ඩායමක්වත් ලංකාවට එන්නට බිය වුණා.මේ ත්‍රස්ත බිය හරියාකාරයෙන් තේරුම්ගත් මහින්ද රාජපක්ෂ  අපට රටක් ඉතුරු කර දෙන්නට කටයුතු කළා.
ඒත් යහපාලනයෙන් අද වනවිට නැවතත් රට අරාජික තත්ත්වයට පත්වෙලා. රට මුදා ගැනීමට හොඳම අවස්ථාව පැමිණ තිබෙනවා. මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට රටේ සියලුම දෙනා ශක්තිය ලබාදිය යුතුයි. නැතිනම් රට කොතැනට වැටෙයිද කියන්න බැහැ’