Paris-Olympic-victory-for-America

 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ ක්‍රීඩා 32ක් පුරා සති දෙකකට වැඩි කාලයක් පැවති තරග රාශියකින් පසුව පැරිස් ඔලිම්පික් තරගාවලිය අවසන් විය.
ඇමරිකාව  රන් පදක්කම් ගණනින් චීනයට 40 ක් ලෙස සමවූ අතර මුළු පදක්කම් එකතුවෙන්ද චීනය අභිබවා ගිය නිසා මෙවර ජයග්‍රාහී රට ලෙස ඇමරිකාව සලකන්නට සිදුවේ.
ඇමරිකාවට රන් 40 ක්,රිදී 44 ක්,ලෝකඩ 42 ක් එකතුව 126 ක් පදක්කම් ලැබිණි.
ඇමරිකාව ජවන හා පිටිය ඉසව් මගින් වැඩිම රන් පදක්කම් ගණන එනම් 14 ක් රැස් කළ අතර ඔවුන් ලද මුළු පදක්කම් 126 න් 34 ක්ම ජවන හාපිටිය ඒවා විය.ඊළඟට පිහිනුම් ඉසව් මගින් රන් පදක්කම් 18 ක් සමග මුළු පදක්කම් 28 ක් දිනන්නට ඇමරිකානුවන්ට හැකිවිය. ඊට අමතරව ජිම්නාස්ටික්,රෙස්ලිං හා වෙඩිතැබීම් ඉසව් මගින් ඇමරිකාව වැඩි පදක්කම් ගණනක් රැස් කර ඇත.
දෙවන තැනට පත්වූ චීනය රන් 40ක්, රිදී 27 ක්, ලෝකඩ 24 ක් දිනාගන්නටත් එකතුව පදක්කම් 91 ක් රැස් කරගන්නටත් සමත් විය.
පිහිනුම් (12), කිමිදුම් (11),වෙඩිතැබීම් (10) හා ජිම්නාස්ටික් (9) ලෙස චීනය වැඩි පදක්කම් ගණනක් රැස්කළ ක්‍රීඩා අතර තිබේ. විශේෂයෙන්ම කිමිදුම් අංශයේ ලබාගත් රන්පදක්කම් 8 කැපී පෙනේ.


ජපානය රන් පදක්කම් 20 ක් සමඟ තුන්වන ස්ථානයේ පසුවූ අතර ඔවුන් 2021 දී ටෝකියෝහිදී අවසන් කරන ලද ස්ථානයම විය. රිදී 12 ක් හා‍ ලෝකඩ 13 ක් ලෙස ලද ජපානයට පදක්කම් 45 ක් රැස් කරගත හැකිවිය.
ජපානය වඩාත් පදක්කම් රැස් කර ඇත්තේ, රෙස්ලිං (11) හා ජූඩෝ (8) සඳහාය.

ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 18ක් සමඟින් සිවුවැනි ස්ථානයට පත්වූයේ මෙතෙක් තම හොඳම පදක්කම් දිනුම භුක්ති විඳිමිනි . සත්කාරක ප්‍රංශය රන් පදක්කම් 16ක් සමඟින් පස්වැනි ස්ථානයට පත් වූ අතර, 1900 වසරේ පැරිස් ද ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැරූ අවස්ථාවේ ඔවුන් ලකුණු සටහනේ ඉහළින්ම සිටීමෙන් පසු ඔවුන්ගේ හොඳම ප්‍රතිඵලය මෙය විය.
නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය,දකුණු කොරියාව ඉතාලිය හා ජර්මනිය පළමු රටවල් 10ට අයත්විය.

අසල්වාසී රටවල් සැලකීමේදී පකිස්තානය පිරිමි හෙල්ල විසිකිරීමෙන් එක් රන් පදක්කමක් දිනා ඇති අතර එමගින් 62 වන ස්තානය ලබාගන්නට පකිස්තානයට හැකිවිය. ඉන්දියාවට රන් පදක්කම් දිනාගන්නට බැරිව ගිය අතර එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5 ක් දිනාගන්නට හැකිවිය. රිදී පදක්කම ලබාගත්තේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදීය. ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට වෙඩි තැබීම් ඉසව්වලදී ඉන්දියාවට හැකිවිය. ඉන්දීය පිරිමි හොකී කණ්ඩායම ලෝකඩ පදක්කමක් දිනා ඇති අතර රෙස්ලිං සඳහාද ලෝකඩ පදක්කමක් දිනා ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 මෙවර තරගාවලියට ඇතුළත් වූවද පදක්කම් දිනාගැනීමට නොහැකි විය.
ඊළඟ ඔලිම්පික් උළෙල 2028 දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී පවත්වන්නට නියමිතය. පදක්කම් සටහන පහතින්