රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙසත්, අනතුරුව ජනාධිපතිවරයාලෙසත්යළි බලයට පැමිණි වේලේපටන් ඔහුගේ විරුද්ධවාදීන්,ප්රතිපාක්ෂිකයන්, විවේචකයන් හා ඔහුව අවතක්සේරු කරන්නන් විසින්, ඔහු ගැන වැරදි කතා තෙපලමින් ඒවා පතුරුවා හරින ලද්දේය. ඉන් එකක් වන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරණයකට මුහුණ දීමට බියෙන් පසුවන බවයි. එබැවින් ඔහු සම්ප්‍රදායික නොවන පියවරයන් ඔස්සේ ඡන්දය කල් දමන බවද ඔවුහු කියා සිටියෝය.මෙම කතාවල දෝෂ සහිත බව මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ගැසට් කළ දිනයේ හෙළිදරව් වූයේය.
තම ජනාධිපතිවරණ ඇපය බඳින්නටත්, ස්වාධීන අපේක්ෂකයකු ලෙසත් මුලින්ම ඉදිරිපත් වූයේ වික්‍රමසිංහය. මෙම යථාර්ථය පිළිනොගෙන රනිල්ගේ පස මිතුරෝ, බලන්නකො, එයා ජනාධිපතිවරණෙට කලින් මොනවා හරි කරාවි’ කියමින් සිත සනසා ගනිති.
වඩා ප්‍රබල කතාවක් පතුරුවා හැරියේ රනිල් - රාජපක්ෂ සම්බන්ධතා ඇසුරෙනි. රනිල් ගෝඨාභය විසින් පත්කරනු ලැබූ අගමැතිවරයා සේම අනතුරුව වැඩබලන ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ විසින් පළමුවෙන්ම පත්කළ තැනැත්තාද වෙන බව සැබෑවකි. ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පසුව රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනකුගෙන් 134 කගේ ඡන්ද ලැබ ජනාධිපති ධුරයට පත්කරනු ලැබිණි. එම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් රාජපක්ෂ නායකත්වය දැරූ පොදුජන පෙරමුණේ අයයි. රනින්ගේ කැබිනට් මණ්ඩලය සමන්විත වූයේ ශ්‍රීලපොජපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාශියකගෙනි. වික්‍රමසිංහ රජයෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය සහ වෙනත් නීති කෙටුම්පත් සම්මත කරනු ලැබුවේද පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු සහයෝගය හේතු කොට ගෙනයි.
රාජපක්ෂ මූලික ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මත පැවති මේ රැඳියාව හැරුණ කොට ජනාධිපති වික්‍රමසිංහ නිතරම පාහේ ක්‍රියා කළේ තමන්ට රිසි පරිදිය. රාජපක්ෂලා සමග සුහද සම්බන්ධතා පවත්වා ගන්නා අතරේම හා ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් ඉටුකරන අතරේම රනිල් තදින්ම ඔවුන්ගෙන් ස්වාධීනව රැඳී සිටියේය.වික්‍රමසිංහ, රාජපක්ෂලාගෙන් ස්වාධීන වූ ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනයමින් මහ බැංකුව සමග සහයෝගයෙන් කටයුතු කළේය. වික්‍රමසිංහගේ ආර්ථිකමය පියවර බොහෝමයක් රාජපක්ෂලාගේ කැමැත්තට තුඩු දුන් ඒවා නොවූ අතර ඒවා ක්‍රියාත්මක කරන ලද්දේ ඔවුන්ගේ අකමැත්ත මධ්‍යයේය. එසේ වූයේ රනිල්ට රාජපක්ෂලා ඕනෑ වූ තරමටම. රාජපක්ෂලාටද රනිල් ඕනෑ වූ නිසාය. එම රැඳියාව එක් පැත්තකට බර නොවූ අතර එය අන්‍යොන්‍ය ලෙස අන්තර් රැඳියාවක් සේ පැවැතුණේය.
‘රනිල් රාජපක්ෂ’
මේ සියල්ල එසේ සිදුවෙද්දී රනිල් අවතක්සේරු කරන්නෝ, රනිල් රාජපක්ෂලාගේ රූකඩයක්, බැලයෙක් හෝ ගැත්තෙකැයි කියමින් අවලාද නැගූහ. ‘රනිල් රාජපක්ෂ' යනුවෙන් විරුද්ධ පාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැගූ අවලාදය අල්ලගෙන බොහෝ අය එයම යළි යළිත් ගිරවුන් සේ තෙපලෝය.
රාජපක්ෂලා අලල හෝ රාජපක්ෂලා අනුව යන බව කියමින් වික්‍රමසිංහට එරෙහිව නැගූ දේශපාලන මිථ්‍යාව සජිත් ප්‍රේමදාසට බලවත් ආවුදයක් විය. එසේ කියා ඔහුට බොහෝ පා. මන්ත්‍රීවරුන් සජබ ඔඩොක්කුව තුළ රඳවා තබාගත හැකි විය. ඇතැම් සජබ පාර්ලිමේන්තු මන්ත්රීවරුනට, සිය මව් පක්ෂය වූ එජාපය සමග නැවත එක්වෙන්නට බාධාවක් වූයේද මෙම රනිල් - රාජපක්ෂ බැඳියාව යනුවෙන් කී වැරදි කතාවයි. රනිල්, ශ්රීලපොජ පෙරමුණ අනුග්‍රහය දක්වන ජනාධිපති අපේක්ෂකයා බව ඔවුන්ට කියා තිබිණි.
තම මව් පක්ෂය වන එජාපය වෙත නැවත එක් වීමේදී දෙගිඩියාවට පත්වීමට ඇතැම් සජබ මන්ත්රීවරුනට බලපෑ දෙවැනි හේතුව, 2024 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බවට පුරෝකථනය කළ අද්භූත ජනමත විමසුමක් පෞද්ගලිකව සංසරණය වීමයි. පසුගියදා සිදුවූ සිදුවීම් වලින් රාජපක්ෂලා ඈඳා රනිල් ගැන කියූ බොරු කතා අවලංගුව ගියේය. ශ්‍රීලපොජපෙ පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය නොදෙන්නට තීරණය කෙරිණි.
තමන්ගේ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට ශ්රීලපොජ පෙරමුණ ගත් තීරණයෙන් රනිල් සමග පොදුජන පෙරමුණේ බෙදීම තවදුරටත් තහවුරු වූයේය. බොරුව සහ ව්‍යාජය පෙරදැරි කරගෙන කාලයක් තිස්සේ කරගෙන ආ ව්‍යාපාරය කෙමෙන් අහෝසිව ගියේය. එසේ වුවද මෙම තත්වය දිරවාගත නොහැකි රනිල් විරෝධී කොටස් තවමත් සිටී. එම උදවිය තෙපලමින් ඉන්නේ, මෙය ව්‍යාජ රංගනයක් බවත් රාජපක්ෂලා සමග රනිල්, ඉක්මනින්ම නැවත එක්වෙන බවත්ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක
මෙම දූෂමාන කතාව බිම් මට්ටමේ යථාර්ථය ඔස්සේද නිෂ්ප්රභා වී තිබේ. වික්‍රමසිංහට සහාය නොදක්වන්නට ශ්‍රීල පොජපෙ ගත් තීරණයෙන් අනතුරුව පක්ෂයේ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට ගත් තීරණය උග්‍ර ලෙස පොහොට්ටුවට බලපා තිබේ. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ශ්‍රීලපොජපෙ මන්ත්‍රීවරුන් සියයකට වැඩි දෙනා විවෘතවම රනිල් වික්‍රමසිංහට සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේ පක්ෂ තීරණය ප්‍රතික්ෂේප කරමිනි. තවදුරටත් ශ්රීලපොජ පෙරෙමුණේ දිස්ත්‍රික් කමිටු කිහිපයක්ද වික්‍රමසිංහට සහයෝගය පළ කළේය.
ශ්‍රීලපොපෙ ජනාධිපති අපේක්ෂකයා නිවේදනය කිරීමත් සමග මෙම තත්වය තවදුරටත් සංකීර්ණ වූයේය. කෝටිපති ව්‍යාපාරික, කැසිනෝ හිමිකරු ධම්මික පෙරේරා ශ්‍රීලපොජපෙ අපේක්ෂකයා වන්නට සිටියත් ඔහු අවසාන මොහොතේ පෞද්ගලික හේතු මත ඉවත් වූයේය. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍ර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව විධිමත්ව නම් කෙරිණි. නාමල් රාජපක්ෂගේ ප්රවේශයත් සමග 2024 ජනාධිපතිවරණ දේශපාලන උද්යෝගය වෙනස් වන්නට ගත්තේය. ජනාධිපති වික්‍රමසිංහ නොබෝදා මාධ්‍ය අංශයේ කතුවරුන් හා ජ්‍යෙෂ්ඨයන් හමුවට පැමිණි විට ප්‍රශ්න ගණනාවක් ඔහු ඉදිරියේ තබනු ලැබුවේය. තමිලාන්, පුවත්පතේ කර්තෘ ආර්. සිවරාජා පහත සඳහන් ප්රශ්නය නැගුවේය.
ප්රශ්නය:- ධම්මික පෙරේරා ජනාධිපති තරගයෙන් ඉවත් වී නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. ඔබට බොහෝ ශ්‍රීලපොපෙ පෙරමුණු ආධාරකරුවන් සහයෝගය දෙන විට ඔබ නාමල් රාජපක්ෂ වෙතින් දැඩි අභියෝගයක් බලාපොරොත්තු වෙනවාද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොහොතක් කල්පනා කර බලා පහත පිළිතුර ලබා දුන්නේය.
‘මට තරගයේ ස්වභාවය පුරෝකථනය කරන්නට බැහැ. මගේ අරමුණ සටනක නියැලෙන්නට නෙවෙයි. මගේ ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කොට අපට කෙසේ රට ඉදිරියට ගෙන යා හැකිද යන්න පෙන්වා දීමයි. මගේ දැක්ම සමග ඔබ එකඟ වනවා නම් මට ඡන්දය දෙන්න ඔබට පුළුවන්. අනෙක් අය කියන දේ ගැන මම සැළකිල්ලක් දක්වන්නේ නෑ.
ඔහු එන්නට කැමැති නම්. මගේ විරුද්ධත්වයක් නැහැ. ඇත්ත වශයෙන්ම ඔහු තමන්ගෙ පණිවිඩය පැහැදිලිව කිව යුතුයි.' නාමල් රාජපක්ෂ සහ ශ්‍රීලපොපෙ, ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති මැතිවරණයේදී මට සහයෝගය දුන්නා. මම එයට ස්තූතිවන්ත වෙනවා. පසුගිය වසර දෙකේ එකට වැඩ කිරීමට අපි එකඟ වී තිබුණා. දැන් ඒ කාලපරිච්ඡේදය ඉක්ම ගියා.
දැන් සහයෝගය දීම හෝ අපේක්ෂකයකු නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීම ඔහුට අයත් වැඩක්. තමන්ගේ යෝජනා රටට ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීමක්.මේ මගේ පෞද්ගලික තරගයක් නෙවෙයි. තමන්ගේ අනාගතය තීරණය කිරීම ජනතාව විසින් කළ යුත්තක්. මගේ වැඩසටහනට සහයෝගය දී ඒ අනුව ඡන්දය දීම හෝ වෙනත් අපේක්ෂකයකු තෝරා ගැනීම යන විකල්ප දෙකෙන් එකක් ඔවුන්ට තෝරා ගත හැකියි.’
මිත්‍රශීලි පරස්පරතා
එය ජනාධිපති වික්‍රමසිංහ එහිදී කෙළින් පිළිතුරු නොදී මගහරින බව පෙනී ගියද 2022 වසරේදී ජනාධිපති ධුරය භාරගෙන ඉන් අනතුරුව ආර්ථික අර්බුදයේ අභියෝග වලට මුහුණ දෙන අවස්ථාවේ ඔහුගේ දේශපාලන දර්ශනය එයින් පිළිබිඹු වේ. රනිල් වික්‍රමසිංහගේ යථා දර්ශයෙන් බැලූ විට ශ්‍රී ලංකා පො. පෙරමුණ සමග ඇති වෙනස්කම් මිත්‍රශීලි
හෝ අඩුවෙන් පරස්පර වෙයි. ඒවා උග්‍ර හෝ මහා පරස්පර තාවකින් යුතු ඒවා නොවේ. පසුගිය අවුරුදු දෙකේ රනිල්ගේ ජනාධිපතිකම ශ්‍රීලපොජපෙ සමග තිබූ හවුල යථාර්ථවත් කළ එකකි. ශ්‍රීලපොපෙ උනන්දු වූයේ ඔහු සමග එදිරිවාදි මගක යනු වෙනුවට වික්‍රමසිංහට සහයෝගයෙන් ඔහු සමග එක්ව විහිදෙන කීර්ති කදම්බයේ පහස ලැබීමටය. රනිල් පිළිතුරු දෙමින් කළේ ව්‍යංගයෙන් නාමල්ගේ වරද පෙන්වා දීමකි. එහෙත් විවෘතව නාමල්ව විවේචනයට ලකිරීමෙන් ඔහු එකහෙළා වැළකී සිටියේය.
කෙසේ වුවත් පරදුවට තබා ඇති දේ. පොදුවේ ශ්රීලපොජ පෙරමුණට සහ විශේෂයෙන් නාමල් රාජපක්ෂට වෙනස් වේ. මුරගා ගර්හා කළ පළියට නරකාදිය කෝපාවිෂ්ඨ නොවන්නේය යන කියමන රාජපක්ෂලා වෙනුවෙන් මෙහිදී අදාළය. විශේෂයෙන් බැසිල් හා නාමල් යන රාජපක්ෂලා රනිල් සමග උරණ වී ඇත්තේ ඔහු පාර්ලිමේන්තු මැතිවරණය පළමුවෙන් පැවැත්වීම, ශ්‍රීලපොජපෙ අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග වැදීම, අග්‍රාමාත්‍ය තනතුරට දිනේෂ් ඉවත්කොට නාමල් රාජපක්ෂ පත්කිරීම, අනාගත ආණ්ඩුවක පොහොට්ටුවට අමාත්‍යධුර බර ගණනක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් රාශියකට එකඟ නොවීම නිසාය.
ජනාධිපතිවරයා සමග පියවි යථාර්ථයට මුහුණ දෙන්නට සිදු වූ විට රාජපක්ෂලා නොසතුටට පත්වී රනිල් සමග උරණ වූවෝය. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ශ්‍රීල පොපෙ ආධිපත්‍යයට විවෘතවම විරෝධය පා රනිල් වික්‍රමසිංහට සහාය දෙන්නට පෙළඹුණෝය.
අසතුටුදායක තත්වයක
දැන් ශ්රීලපොජ පෙරමුණේ බොහෝ දිස්ත්‍රික් සභා සංවිධානද රනිල් හට අනුමැතිය පළකරති. රාජපක්ෂලා දැන් නොසතුටුදායක තත්වයක පසුවන්නේ ඔවුන් ගොඩ නැගූ පක්ෂය තුළ ව්‍යූහාත්මක අධිකාරියකට සීමා වෙමිනි. කාර්ය බද්ධ අධිකාරිත්වය දරුණු ලෙස සෝදාපාළුවට ලක්ව පක්ෂ සාමාජිකත්වයෙන් සැලකිය යුතු පදාසයක් රනිල්ගේ පැත්තට යමින් පවතී.
එම නිසා නාමල් රාජපක්ෂ මුහුණ දෙන අභියෝගය අමුතුම එකකි. දිනන්නට ආසා වුවද ඔහු මෙවර සැරසෙන්නේ දිනන්නට නොවේ. නාමල්ගේ අභිප්‍රාය වන්නේ පවුලේ නායකත්වයෙන් යුතු ශ්‍රීලපොජපෙ ජනතාව අතර වඩාත් ජනප්‍රිය වීම විනා ජනප්‍රියත්වය දිනා සිටින්නේ රනිල්ගේ ආධාරකරුවන් බවට පත් ද්‍රෝහි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන බව පෙන්වීමය.
එම නිසා, ශ්රීලපොපෙරමුණේ බිඳීගොස් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින අය අය ගෙන එන ඡන්ද සංඛ්‍යාව පොහොට්ටුවට ඇදී එන ඡන්ද සංඛ්‍යාවට වඩා අඩුවිය හැකි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වික්‍රමසිංහ පරාජය විය හැකි මුත් රාපක්ෂලා ඒ ගැන ගැන තැවෙන සෙයක් නොපෙනේ. රනිල් පරාජය වීම, නාමල්ගේ ජයග්‍රහණයට වඩා වැදගත් වන්නාසේය.
ධම්මික පෙරේරා
ප්‍රසිද්ධියට පත්ව තිබූ ආකාරයට ශ්‍රීල පොජ පෙ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වන්නට සිටියේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාය. රාජපක්ෂලා, රනිල් සමග නොහොඳ නෝක්කාඩු වූ වේලේ පටන් හෝඩුවා වල ලැබුවේ ධම්මික පෙරේරා, ශ්‍රීලපොජපෙ ජනාධිපති අපේක්ෂකයා බවටය. බැසිල් හා නාමල් දෙදෙනාටම ධම්මිකව ඕනෑ වූයේය. ඔහු අවනත නොවේ නම් තමා තරගයට එන බව නාමල් කියා සිටියේය.
ජූලි 29 වැනිදා ශ්‍රීලපොජපෙ පක්ෂ බල මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට තීරණය වූ අතර, පක්ෂයේ තේරීම ධම්මික පෙරේරා බව පෙනී ගියේය. ශ්‍රීලපොපෙ, ඡන්ද හැරුණු කොට ධම්මික පෙරේරා තමාටම කියා ඡන්ද විශාල සංඛ්‍යාවක් ලැබෙතැයි අපේක්ෂා කළේය.
තරග කිරීමට සූදානම් වෙමින් ධම්මික පෙරේරා ලහිලහියේ අවශ්‍ය කළමනා සකස් කර ගත්තේය. පෝස්ටර් මුද්‍රණය කරනු ලැබූ අතර ප්රචාරක ගීතයක්ද නිර්මාණය කිරීමට පැවරිණි. ජෝතිෂ්‍ය උපදෙස් අනුව ධම්මික පෙරේරාට සිය ජනාධිපති අපේක්ෂකත්වය අගෝස්තු 6 වැනිදා නෙළුම් පොකුනේදී නිවේදනය කිරීමට අවශ්‍ය වූයේය. ශ්‍රීලපොජපෙ පෙරමුණට අවශ්‍ය වූයේ අගෝස්තු 7 වැනිදා එම නිවේදනය කිරීමටයි. හිටි හැටියේ සියල්ල වෙනස් විය. පෞද්ගලික හේතු මත තමාට ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ නොහැකි බව ඔහු ශ්රීලපොපෙරමුණට නිළ වශයෙන් දැනුම් දුන්නේය. සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට බොහෝ දෙනා උත්සුක වූහ. ඊට හේතු විය හැකි බොහෝ කාරණා ගැන කතා සංසරණය වන්නට ගත්තේය.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෙරේරාගේ මව රෝහල් ගත කෙරුණු බැවින් ඒ නිසා ඔහුගේ සිත වෙනස් වූ බවට කතා පැතිරිණි. ඔහු තරග කිරීම සම්බන්ධයෙන් ධම්මිකගේ භාර්යාව සහ දරුවන් තදින් විරුද්ධ වූ බවද කියමිනි. තවත් හේතු විය හැකි කාරණයක් වන්නේ වාණිජ කටයුතු වලට එය බල පෑ හැකි බැවින් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියා නොකරන ලෙස ඔහුගේ ව්‍යාපාරික සගයින් දැඩි ලෙස අවවාද කළේය යන්නයි. ශ්රීලපොජපෙරමුණේ ප්රමුඛ පෙලේ සාමාජිකයන් මහා පරිමාණයෙන් හැර යන තත්වය තුළ ධම්මික පෙරේරා යම් කම්පනයකට පත්වූ බව මෙම ව්‍යාපාරිකයාට ඇතැම් සමීපතයන්ගේ අදහස විය. ඔහුට ලැබෙන ශ්‍රීල පොපෙ සහයෝගය ක්ෂය වී යාමෙන් පසු සාර්ථක වීමේ ඉඩප්රස්ථා නැතැයි යන හැඟීම ඔහු තුළ ඇතිවීය යන අදහසට ද මේ අතර වේ.
නාමල් රාජපක්ෂගේ ප්‍රවේශය
හේතුව කුමක් වුවත් ධම්මික පෙරේරා අපේක්ෂකත්වයෙන් නික්ම යාම නාමල් රාජපක්ෂගේ ප්රවිෂ්ඨයට මග පෑදුවේය. වික්‍රමසිංහ වෙත විරුද්ධත්වය පළ කරන අතර, බොහෝ දුරට ඔහුට එරෙහි වීමට නාමල්ට තවත් හේතුවක් බලපෑවේය. එම හේතුව ඔස්සේ මැදමුලන ඔටුන්නන හිමි කුමාරයා අභිප්‍රේරණය වූයේය.
ශක්තිමත් බලවේගයක් ලෙස පක්ෂයට රැඳී සිටීමට නම් 2024 ජනාධිපතිවරණයට ශ්‍රීලපොජපෙ තරග කළ යුතු බවට නාමල් අවංකවම විශ්වාස කළේය. පක්ෂය වික්‍රමසිංහට හුදෙක් සහයෝගය දීමෙන් පමණක් ශ්රීලපොජපෙරමුණටත් තමාටත් දේශපාලන අනාගතයක් හිමිවන්නේ නැතැයි ඔහු සිතුවේය.
ඔහුගේ අපේක්ෂකත්වය පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් අගෝස්තු 7 වැනි බදාදාට යෙදුනු සුබ මොහොතින් විධිමත් ලෙස නිවේදනය කරනු ලැබුවේය. එම ඓතිහාසික උත්සවය පැවැත්වූයේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීය.
සාගර සමග අතට අත දී ආචාර කිරීමෙන් පසු නාමල් සිය පියාණන් වූ මහින්ද රාජපක්ෂට හා බැසිල් රාජපක්ෂ බාප්පාගේ ආශිර්වාදය ලබාගනු පිණිස ඔවුන්ට වැන්දේය. අනතුරුව පක්ෂ සාමාජිකයෝ සහ පා. මන්ත්‍රීවරු ඔහුව වටකරගෙන ඔහුට සුබ පැතුවෝය.නාමල්ගේ අනෙකුත් ඥාතීන් වූ චමල් සහ ගෝඨාභය උත්සවයට පැමිණ සිටියේ නැත. ඔහුගේ ඥාති සොයුරු මාතර පා.ම. නිපුණ රණවක උත්සවයට පැමිණ සිටි අතර රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ එහි නොසිටියේය. නාමල්ගේ මව් ශිරන්ති සහ යෝෂිත හා රෝහිත යන සොයුරෝද පැමිණි නොසිටියෝය.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් බොහෝ කතා පැතිර ගියේය. චමල් ලොකු තාත්තා, සොයුරු, යෝෂිත හා රෝහිත යන අය පක්ෂය ජනාධිපතිවරණයට සහයෝගය දෙතැයි බලාපොරොත්තුවෙන් සිටි මුත්, නාමල්, රනිල් හා උරණ වීම නිසා ඒ අදහස අත්හැර දමන්ට සිදුවූ බවද කියවේ. එහෙත් නාමල්ට සමීපතමයන් පැවසුයේ නාමල්ගේ අභිප්‍රාය වූයේ පක්ෂ කටයුතු පවත්වා ගැනීම විනා, පවුලේ කටයුතු ඊට අදාල නොවූ බවය. එම කරුණ කෙසේ වුවද. රාජපක්ෂලා, පවුලේ කෙතරම් අභ්‍යන්තර රණ්ඩු තිබුණත් ඒ අවස්ථාවල නිතරම, බාහිර සම්බන්ධතා වලට පවුලේ තොරතුරු වසා දමන බව සුපසිද්ධ කරුණකි.
ඉතිහාසයේ කුණු බක්කිය
තමාට ජනාධිපතිවරණය ජයගත නොහැකි බව නාමල් හොඳින් දනී. ඔහුගේ අභිප්‍රාය වන්නේ සෑහෙන ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන්නට ඉඩ හැර තවමත් රාජපක්ෂලාට ඉතිහාසයේ කුණු බක්කියට නොවැටුණු බව ලෝකයට ප්‍රදර්ශනය කිරීමයි. සිය පියාගේ වයස්ගත බව හා රෝගී බව තිබියදී ඔහුගේ ප්‍රතිරූපය හා ජනකාන්ත භාවය සිඳී ගොස් නැති බව පෙන්වීමට නාමල්ට අවශ්‍යය. ඒ සියල්ලටත් වඩා ශ්‍රීලපොජපෙ පසු බෑවද එහි අධිෂ්ඨානශීලි බව බිඳ වැටී නැති බවත් එය ජනතාව අතර විභව බලවේගයක් සේ රැඳී සිටින බවත් නාමල්ට පෙන්වන්නට ඕනෑ වී තිබේ.
සෑහෙන තරමේ ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීමේදී නාමල් රාජපක්ෂ සාර්ථක වුවහොත් මීළඟ මැතිවරණයේදී විශාල ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා නාමල්ට පක්ෂයට නායකත්වය දිය හැකි වේ. ඒ ඔස්සේ ඔහුට සභාග රජයක අගමැති ධුරය දැරීමට හෝ විපක්ෂනායක පදවිය දැරීමට අවස්ථාවව උදාවනු ඇත. 2029 ජනාධිපතිවරණය තරග කිරීමටත් සමහර විට ඉන් ජය ගන්නටත් එය නාමල්ට උපකාරයක් වනු ඇත. හැමදේම සැලසුමට අනුව ක්‍රියාත්මක වුවහොත් මේ සියල්ල එසේ සිදුවනු ඇත. එහෙත් මිනිසුන් හා හොඳහැටි එලූ සැලසුම් පවා වැරදී යන බව ජාතික කවියකු වූ රොබර්ට් බර්න්ස් කීවේය. 2024ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂ දුක්ඛිත ලෙස පරාජය වුවහොත් කුමක් සිදුවේද? අද්භූත ෆීනික්ස් පක්ෂියා මෙන් රනිල් හා සමානව අළු මතින් නැවත නැගී සිටින්නට නාමල්ට හැකිවේද?
(ඩීබීඑස් ජෙයරාජ් ඩේලි මිරර් වෙත ලියූ ලිපිය- පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ)
0 Comments