Half-of-the-country-of-Greece-is-caught-in-the-fire

යුරෝපයට අයත් රටක් වන ග්‍රීසිය මේ දිනවල අධික උෂණ්ත්වය හේතුවෙන් අසීමාන්තික ළැව්ගිනි වලින් පීඩා විඳී.
සඳුදා ග්‍රීසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 (ෆැරන්හයිට් අංශක 102) දක්වා ඉහළ ගිය අතර පැයට කිලෝමීටර 50 (සැතපුම් 31) දක්වා සුළං වේගයක් තිබුණි.


ළැව්ගිනි රටින් අඩක්ම වෙළාගෙන පැතිරෙන බව පැවසේ.
අවම වශයෙන් ගම්මාන අටකින් ඉරිදා සියගණනක් ජනයා ඉවත් කිරීමෙන් පසු සඳුදා සිවිල් ආරක්ෂක බලධාරීන් විසින් අවම වශයෙන් තවත් ගම්මාන 5 ක පිරිස ඉවත්කිරීම සිදු කෙරිණි.ඇතන්ස් සිට කිලෝමීටර් 40ක් (සැතපුම් 25) නැගෙනහිරින් පිහිටි ඓතිහාසික මැරතන් නගරයේ පදිංචිකරුවන් ඉරිදා ඉවත් කිරීමට නියෝග කළ අය අතර විය.


ගින්දර මැඩපැවැත්වීමට සිදුකළ උත්සාහයන් අසාර්ථකවූ නිසා ලැව්ගිනි පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමට ආ නිසා නව ඉවත් කිරීම් වලට නියෝග කළ බව ගිනි නිවන අංශ දන්වා ඇත.
"සිවිල් ආරක්ෂක හමුදා රාත්‍රිය පුරාම දැඩි ලෙස සටන් කළ නමුත් උත්සාහයන් පරදා, ගින්න වේගයෙන් වර්ධනය විය," ගිනි නිවන හමුදාවේ ප්‍රකාශක Vassilis Vathrakogiannis පැවසීය.
“මේ මොහොතේ එය පෙන්ටෙලිකස් කන්දට ළඟා වී ඇති අතර එය පෙන්ටෙලි දෙසට ගමන් කරයි,” ඔහු තවදුරටත් පැවසීය.

මධ්‍යධරණී රටක් වන ග්‍රීසිය ග්‍රීෂ්ම කාලයේ ලැව් ගිනිවලට අතිශයින් ගොදුරු වේ.  1960 න් පසු ග්‍රීසිය එහි උණුසුම්ම කාලය ජුනි සහ ජූලි මාසවල ගෙවා දැමූ අතර ලැව් ගිනි මහත් විනාශයක් සිදුකර ඇත.
නිවාස,වගාබිම් ගොඩනැගිලි රාශියක් ගිනිබත්ව ඇති අතර තවම විනාශය ගණනය කර අවසන් නැත.
පෙන්ටෙලි හි රෝහල් දෙකක්ද ගිනි හේතුවෙන් ඉවත් කර ඇත.