ජනාධිපති වීමේ අපේක්ෂාවෙන් පසු වන අයගේ දීර්ඝ ලැයිස්තුවක් තිබෙන මුත්, ඡන්දදායකයා අවධානය යොමු කරන්නේ එයින් පස් දෙනකු හෝ හය දෙනකු ගැන පමණි. ඒ අය අතුරින් රට ප්‍රගතිය හා සමෘද්ධිමත්භාවය කරා පදවාගෙන යාමට එක් අයකු පමණක් නායකයකු ලෙස පත් කෙරේ. කෙසේ වුව ද, ඔවුන් ජනතාවට සමෘද්ධිමත් බව උදා කර දෙන්නට නම්, ඊළඟ 25 අවුරුද්ද ඇතුළත වාර්ෂිකව සියයට 8-9 මට්ටමකින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රමෝපායඅනුගමනය කළ යුතු වේ. මේ සඳහා ශ්‍රී ලංකාව නව නිමැවුම් උත්පාදනය කිරීමට අවශ්‍ය වන අතර, ඒවා දේශීය මෙන්ම ගෝලීය වෙළෙඳපොළට ද නවීකරණය හරහා වාණිජමය වශයෙන් නිෂ්පාදනය විය යුතුය.
එබැවින්, නව නිමැවුම් වලට නවීකරණයට ළඟ එනජනාධිපතිවරණයේ ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ක්‍රමෝපායන්හිදී, ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවන් උදෙසා ඉහළම ප්‍රමුඛතාව හිමි විය යුතු වේ.
මෙම ලිපි පෙළින් ජනාධිපති අපේක්ෂාවන් උදෙසා අවශ්‍ය මාර්ගෝපදේශ සපයනු ලැබේ. මෙය, රචකයා විසින් වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමය සඳහා කලින් ලියූ පත්‍රිකාවක යාවත්කාලීන කළ හා අලුතෙන් සකස් කළ ලිපි පෙළකි.
නූතන ආර්ථිකය තුළ නවීකරණය නැතහොත් නිර්මාණාත්මක ආර්ථිකයක් සුදුසු පරිදි අනුගත කරගත යුතු වේ. නූතන ආර්ථිකය දැනුම් ආර්ථිකය වේ. එය එසේ වන්නේ, ඒවා පැවැත්ම, වර්ධනය හා පෝෂණය උදෙසා දැනුම මත විශ්වාසය තබන බැවිනි.දැනුම විසින් ලෝකය පාලනය කළේ යයි කියනු ලබන කාල පරිච්ඡේදය, දළ වශයෙන් 20 වැනි සියවසේ මැද භාගයේ පටන් දශක පහක් පුරා දිවයන්නකි. එම කාල පරිච්ඡේදය තුළ අධ්‍යාපනය, පුහුණුව හා ඉගෙනුම යන නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම්වල දියුණුව රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයන්හි ඉහළම ප්‍රමුඛත්වය ලබා ගත්තේය. කෙසේ වුව ද, විසිඑක් වැනි සියවස එළැඹීමත් සමග ලෝකයේ පිළිවෙළ සෑහෙන තරම් වෙනස් වූයේ දැනුම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වුණත්, එය රටක සමෘද්ධිමත් බව පවත්වාගැනීම සඳහා ප්‍රමාණවත් කොන්දේසියක් නොවන බවට පත්වෙමිනි.
වර්තමාන තත්වය ගත් විට, තවමත් දැනුම, ජාතියක පැවැත්ම, ස්ථිරසාර බව හා සමෘද්ධිමත් බව උදෙසා අත්තිවාරම සදාලයි. දැනුම විසින් එයින් බලාපොරොත්තු වන ප්‍රතිඥාව ඉටු කිරීමට නම්, දැනුම සමග තවත් වෙනත් කොන්දේසි දෙකක්
සපුරාලිය යුතු බව දැන් සොයාගෙන තිබේ. ඒවා නම්, නවීකරණය නිර්මාණාත්මක බවයි. එම අවශ්‍යතා සපුරාලන්නට ඒවා එකිනෙක අන්තර් හුවමාරු වන සේ භාවිත කෙරේ. එම නිසා නූතන ආර්ථිකයක්, නවීකරණ ආර්ථිකයක්, නැතහොත් අන්තර් හුවමාරු වන, නිර්මාණාත්මක ආර්ථිකයක් ලෙස හැඳින් වේ.
දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමේ අවශ්‍යතාව නිරන්තරයෙන් අවධාරණය
එම නිසා පැවැත්ම සහ සමෘද්ධිමත් බව දැඩි ලෙස අපේක්ෂා කරන රටක් අනිවාර්යයෙන්ම නවීකරණය සහ නිර්මාණාත්මක බව වැළඳගත යුතුය. පුරාණ කාලයේදී ද ප්‍රායෝගික වශයෙන් යොදාගත නොහැකි දැනුමෙන් එම දැනුම අත්කරගත් පුද්ගලයාට හෝ ඔහු ජීවත්වන සමාජයට වැඩක් නොවන බව පිළිගැනුණේය. ක්‍රි.පූ. හයවැනි සියවසේ ජිවත් වූ චීන දාර්ශනික ලඕ ත්සු, “දැනුම යනු නිධානයකි. ප්‍රායෝගිකව යොදා ගැනීම ඊට මූලික වන්නේය" යනුවෙන් පවසන විට, ප්‍රායෝගිකව යොදා ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කළ බව කියනු ලැබේ.
ක්‍රි.පූ. 4 වැනි සියවසේදී, කෞටිල්‍ය නමින් ද හැඳින්වූ ඉන්දියානු ගුරු චානක්‍ය, සිය ‘චානක්‍ය නීති' නම් ග්‍රන්ථයේ “පොතට පමණක් සීමා වූ දැනුමෙන් වැඩක් නොවේ" යනුවෙන් ලිවීමෙන් අදහස් කළේ, දැනුමෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නම්, එය ප්‍රායෝගික වශයෙන් යොදාගත යුතු බවයි. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය Alison Wolf (ඇලිසන් වොල්ෆ්) ඈ 2002 දී ලියූ, “Does Education Matter?" නම් පොතේ, අධ්‍යාපනයෙන් වැඩක් වන්නේ, එම අධ්‍යාපනය අදාළ වේ නම් හා එම අධ්‍යාපනය ප්‍රායෝගිකව යොදා ගැනීමේ තත්වය නිර්මාණය වී තිබේ නම් පමණක් බවට තර්ක
කරන්නීය. එම නිසා දැනුම ගොඩනැගීම පමණක් හුදෙක් අද දවසේ රටකට උපකාරි නොවේ. ජාතියකට උපකාරි වන්නේ දැනුම ප්‍රායෝගික වශයෙන් අඛණ්ඩව ඉවහල් කරගැනීමේ පදනමයි. මෙම අවශ්‍යතාව හඳුනා ගැනීමේදී දකුණු කොරියාව වැනි රටවල් ‘ නිර්මාණාත්මක ආර්ථිකයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නේ 21 වැනි සියවසේදී දැනුම් ආර්ථිකයක් කෙරේ පමණක් අවධානය යොමු කිරීම නොසෑහෙන බැවිනි. නව නිමැයුම් නිර්මාණය කරන දැනුම පසුපස නවීකරණය යා යුතුය
දැනුම හා එය ප්‍රායෝගික වශයෙන් යොදා ගැනීම අතර වෙනස හුවා දැක්වූ ඔස්ට්‍රියා - ඇමෙරිකානු අර්ථශාස්ත්‍රඥ ජෝසෆ් ෂුම්පිටර් (Joseph Schumpeter), විද්‍යාඥයන් සහ පර්යේෂකයන් සොයාගැනීම් (නව නිමැවුම්) කළ පසු ව්‍යවසායකයන් විසින් ඉන් අනතුරුව නවීකරණය කළ යුතු බව අවධාරණය කළේය. එම ක්‍රියාදාමය සම්පූර්ණ කරනු පිණිස තවත් ක්‍රියාකාරකම් දෙකක් සිදු කළ යුතු වේ. ආර්ථික පද්ධතිය තුළ නවීකරණය පිළිබඳ දැනුම විහිදී පැතිර යා යුතුය. එය අනෙක් උදවිය විසින් දැ වැන්ත අනුකරණයකට ලක් කිරීම එවිට සිදු වේ.
විද්‍යාඥයන්,පර්යේෂකයන් හෝ ඉංජිනේරුවන් විසින් කරන නව නිමැවුම් නවීකරණය නම් වූ ක්‍රියාදාමය යොදා ගැනීම ඔස්සේ ව්‍යවසායකයන් විසින් භාවිත කළ හැකි භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරන අයුරු ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, නවීකරණයෙන් තොර නව නිමැවුම් සොයා ගැනීම් සමාජයට ප්‍රයෝජනවත් නොවන,
හුදෙක් විද්‍යාඥයන් විසින් නිර්මාණය කළ මූලාකෘති ලෙස පමණක් පවතී. එම නිසා නූතන ආර්ථිකයන්, හුදෙක් 'දැනුම් ආර්ථිකයන්’ ලෙස නොව, නවීකරණ ආර්ථිකයක් හෝ නිර්මාණාත්මක ආර්ථිකයක් ලෙස නිසි පරිදි නාමකරණය කළ යුතු වේ.
වාණිජ වශයෙන් භාවිතාවට නොඑන්නේ නම්, නව නිමැවුම්වලින් වැඩක් නැත
පර්යේෂකයන්ට, ඉංජිනේරුවන්ට හෝ විද්‍යාඥයන්ට නව නිමැවුම් යනුවෙන් හැඳින්වෙන අලුත් දේ නිර්මාණය කිරීමේ හැකියාව දැනුමෙන් ලබා දේ. දිනපතා දැනුම ඇති මිනිසුන් විසින් කරනු ලබන නව සොයා ගැනීම් හෙවත් එවැනි නව නිමැවුම් දහස් ගණනක් පවතී. එහෙත්, ඒ සියලු නව නිමැවුම් වාණිජ වශයෙන් සාර්ථක නව නිෂ්පාදන හෝ සේවා එළිදැක්වීමට මග පාදන්නේ නැත. උදාහරණයකට, ශ්‍රී ලාංකීය තරුණයන් අලුතෙන් නිර්මාණය කරන,‘මුහුදු ජලයෙන් ධාවනය වන කාර් රථ' හෝ ‘බහුකාර්ය කොළ මඩින යන්ත්‍ර' ආදි විශිෂ්ට නව නිෂ්පාදන පිළිබඳ කතා පුවත් අසන්නට ලැබේ. එවැනි නව නිමැවුම් තුළ ඔවුන්ගේ කුසලතාව රැඳී ඇතත්, දැනට පවතින තාක්ෂණ මට්ටමේදී, දැනට පවතින විකල්ප නිෂ්පාදන හා සසඳා බැලූ විට ඒවා නිපදවීමට යන ඉහළ පිරිවැය හේතු කොටගෙන එවන් නිෂ්පාදන වාණිජ වශයෙන් සාර්ථක නොවන්නට පිළිවන.
එම නිසා, ඒවා හුදෙක් නව නිමැවුම්වල මූලාකෘති ලෙස, කම්හලක නිෂ්පාදන ක්‍රියාවලියකට යෑමේ හැකියාවෙන් තොරව පවතින්නේ, එසේ නිෂ්පාදන ක්‍රියාවලියකට යෑමේ හැකියාව පවතින්නේ එහි පැවැත්ම වාණිජ සඛ්‍යතාව මත තීරණය වන නිසාය. ජෝසෆ් ෂුම්පිටර් පවසන්නේ, මෙම නව නිමැවුම්, වාණිජමය නිෂ්පාදන මාර්ග බවට පරිවර්තනය කරමින් ව්‍යවසායකයන් විසින් භාවිතයට ගන්නා බවයි. මෙම ක්‍රියාදාමය 'නවීකරණය' නැතහොත් ‘ආර්ථික ජීවිතය නම් විෂය පථය තුළ යම් යම් දේ වෙනස් ආකාරයකින් කිරෑම' යනුවෙන් හැඳින්වේ. ෂුම්පිටර්ට අනුව, රටක අඛණ්ඩ ආර්ථික වර්ධනයට හේතු වන මෙකී නවීකරණය නවධි 4කින් සමන්විත වන්නකි.
(ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන Daily FT වෙනුවෙන් ලියූ ලිපියකි.පරිවර්තනය -සමන් පුෂ්ප ලියනගේ))
0 Comments