දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද (20දා) දිනයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයෙහි නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවැසුවාය.





ඒ අනුව බස්නාහිර, සබරගමු පළාත් සඳහාත්, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට තරමක තද වැසි අපේක්ෂා කරන බව  දිසානායක මහත්මිය පැවැසුවාය. මේ අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඇය කීවාය.

අකුණු අනතුරු පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බව විද්‍යාඥවරිය ප්‍රකාශ කළාය. දිවයින ආශ්‍රිත වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙටින් (21දා) පසු පැවතිය හැකි බව දිසානායක මහත්මිය   වැඩිදුරටත් සඳහන් කළාය.

රවිශාන් ප්‍රනාන්දු