මන්නා­රම දිස්ත්‍රික් රෝහ­ලේදී තරුණ උපා­ධි­ධාරි කාන්තා­වක අධික ලෙස රුධි­රය වහ­නය වීමෙන් මිය­යෑම සම්බ­න්ධ­යෙන් එම රෝහලේ වෛද්‍ය­ව­ර­ය­කු­ගේත් හෙදි­යන් දෙදෙ­න­කු­ගේත්, පවුල් සෞඛ්‍ය සේවි­කා­ව­ක­ගේත් සේවය සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය විසින් පෙරේදා (20) සිට අත්හි­ටුවා තිබේ.



මන්නා­රමේ මුරු­න්කන් ප්‍රදේ­ශයේ පදිංචි මරි­ය­රාජ් සින්ධුජා නම් 27 හැවි­රිදි උපා­ධි­ධාරි කාන්තා­වක මුරු­න්කන් රෝහ­ලේදී දරු­වකු ප්‍රසූත කළ අතර, ඇය ආපසු නිවෙ­සට යෑමෙන් පසුව අධික ලෙස රුධි­රය වහ­නය වීම හේතු­වෙන් යළි මුරු­න්කන් රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසු ඇය මන්නා­රම දිස්ත්‍රික් රෝහල වෙත මාරු කොට යවා ඇත. එහිදී ඇය ඇතු­ළත් කළ වාට්ටුවේ කාර්ය භාර වෛද්‍ය­ව­රයා හා හෙදි­යන් ඇතුළු කාර්ය මණ්ඩ­ලය මේ සිද්ධිය සාමාන්‍ය රුධි­රය වහ­නය වීමක් ලෙස සලකා රෝගි කාන්තා­වට ප්‍රති­කාර දී නැත. පැය කීප­ය­කට පසු ඒ කාන්තාව මිය­ගිය අතර, ඇයගේ මව විසින් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සිට සියලු බල­ධා­රීන්ට පෙත්සම් ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ දෙකක් ආරම්භ විය.



උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍ය­ක්ෂ­ව­රයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම පරී­ක්ෂණ ආරම්භ කළ අතර, එහිදී එදින සේවයේ නිර­තව සිටි මන්නා­රම රෝහලේ කාර්ය භාර වෛද්‍ය­ව­රයා, හෙදි­යන් දෙදෙ­නකු හා පවුල් සෞඛ්‍ය සේවි­කා­වක වර­ද­ක­රු­වන් බවට හඳු­නා­ ගැ­නී­මෙන් පසු ඔවුන්ගේ සේවය අත්හි­ටුවා තිබේ. එම ලිපි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ නිල­ධා­රීන් වෙත ලබා දී ඇති අතර, සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යුතු තවදුර­ටත් සිදු වෙමින් පවතී.



මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­ක්ෂ­පාති පරී­ක්ෂ­ණ­යක් පවත්වා වර­ද­ක­රු­වන්ට දඬු­වම් දෙන ලෙස ඉල්ල­මින් ජාත්‍ය­න්තර මානව හිමි­කම් සංවි­ධාන කීප­යක්ම ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සෞඛ්‍ය බල­ධා­රී­න්ගෙන් ඉල්ලී­මක් කර ඇති අතර, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීහු පිරි­සක් මන්නා­රමේ රැඳී මේ පිළි­බඳ වැඩිදුර විම­ර්ශ­න­යක යෙදී සිටිති.
(රසුල දිල්හාර ගමගේ)