අන්තර්ජාල යෙදුමක් වන Telegram හි ප්‍රධාන විධායක නිලධාරී Pavel Durov සෙනසුරාදා ප්‍රංශයේදී අත්අඩංගුවට පත්විය.
හේතු වශයෙන් දක්වා ඇත්තේ ටෙලිග්‍රාම් ඔස්සේ සංසරණය වන තොරතුරු තුළ විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ළමා ලිංගික අන්තර්ගතයන් වැනි සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර නොගැනීමයි.
සමාගම ප්‍රකාශ කළේ Pavel Durov ට "සැඟවීමට කිසිවක් නොමැති" බවයි.
සන්නිවේදන යෙදුම් අතර ටෙලිග්‍රාම් වඩාත් සුරක්ෂිත එකක් ලෙස මතුවන අතර එහි නීති රීති අනෙක් යෙදුම් හා සසඳද්දී ලිහිල් බවට පිළිගැනීමක් තිබේ. බුද්ධිමය දේපළ නීතිය නොතැකීම, සමාජ පැවැත්මට හානිකර මත්කුඩු සඳහා සේවය සැලසීම, ප්රචණ්ඩත්වය වැපිරීම, වයස සීමාවකින් තොරව බෙදාහැරිය හැකි ලිංගික අන්තර්ගතයන් ආදිය නිසා ටෙලිග්‍රාම් විවේචනයන්ට ලක්වෙමින් පැවතිණි.
මේ හේතුවෙන් යෙදුමේ ප්‍රමාණවත් මධ්‍යස්ථභාවයක් නොමැතිකම සම්බන්ධ වරෙන්තුවක් යටතේ එහි ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇත. ටෙලිග්‍රාම් සමාගම කියන්නේ. එය යුරෝපීය නීතිවලට අනුකූල වන බවත් සන්නිවේදනය සහ තොරතුරු සඳහා ලොව පුරා බිලියනයකට ආසන්න පරිශීලකයින්ට සේවය කරන බවත්ය.
දැන් ඩුබායි හි ජීවත් වන Pavel Durov රුසියානු ජාතිකයෙකි. ඔහු මුලින් VKontakte නමැති සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කර රුසියාවේ එය ජනප්‍රියත්වයට පත් කළේය. නමුත් රුසියානු රජයේ බලපෑම් හමුවේ ඔහු පීඩාවට ලක්විය.රජයේ බලපෑම්වලට මුහුණ දුන් ඔහු රුසියාව හැර යාමෙන් පසු 2013 දී Telegram ආරම්භ කළේය.
ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන VKontakte පරිශීලක දත්ත භාර නොදීම හේතුවෙන් 2018 දී රුසියාවේ VKontakte තහනමටද ලක්විය.
0 Comments