Japan-lifts-mega-earthquake-warning

 ජපානය, පසුගියදා එරට ජනතාව භීතියට පත් කරමින්  “මෙගා භූමි කම්පනය” කට සූදානම් වන ලෙස දන්වා සිටි නමුත් අද (15) වාර්තාවන්නේ සිදු කළ පුළුල් නිරීක්ෂණ වලින් පසු එවැනි තත්වයක් පැන නොනගින බවට සහතික වියහැකි බැවින් අනතුරු ඇඟවීම ඉවත් කළ බවයි.



Nankai Trough මුහුදු පත්ල කලාපයේ මායිමේ ඇති වූ ප්‍රබල කම්පනයක් හේතුවෙන් ජපන් රජය සිය පළමු “මෙගා කම්පන” උපදේශනය නිකුත් කර තිබුනේ මීට සතියකට පමණ පෙරයි. කෙසේ වෙතත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල භූමිකම්පාවක් ඇතිවිය නොහැකි බව කියමින් ඒ පිළිබඳ අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.


ජපානයේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටා ඇති නන්කායි අගලෙහි පසුගිය සතියේ භූ කම්පන ක්‍රියාකාරකම්වල අසාමාන්‍යතා කිසිවක් නිරීක්ෂණය නොවූ පසු පුරවැසියන්ට දැන් සාමාන්‍ය ජීවිතයට ආපසු යා හැකි බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය යොෂිෆුමි මටසුමුරා බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

අගෝස්තු 8 වෙනිදා ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය, රටේ නිරිතදිගට බලපෑ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවකින් පසු රික්ටර් මාපක 9 ක් තරම් බලවත් නන්කායි ට්‍රෝ "මෙගා කම්පනයක්" ඇති වීමට "සාපේක්ෂ වශයෙන් වැඩි අවස්ථාවක්" ඇති බවට උපදේශනයක් නිකුත් කළේය.
උපදේශනය නිශ්චිත අනාවැකියක් නොවූවත්, දරුණු භූමිකම්පාවක් සහ සුනාමියක් ඇති වූ විට ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටි සමාලෝචනය කරන ලෙස රජය බටහිර සහ මධ්‍යම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.


අගමැති ෆුමියෝ කිෂිඩා සංචාරයක්ද අවලංගු කළේය . ආපදා කළමනාකරණයට ප්‍රමුඛත්වය දීම සඳහා සති අන්තයේ මධ්‍යම ආසියාවේ සහ මොංගෝලියාවේ
මිලියන 125 ක ජනතාවක් සිටින දූපත් සමූහයට එවැනි ව්‍යසනයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම නිසා දහස් ගණන් ජපන් ජාතිකයින් නිවාඩු අවලංගු කිරීමටත් අත්‍යවශ්‍ය දේ ගබඩා කර ගැනීමටත්, සමහර වෙළඳසැල්වල රාක්ක හිස් කිරීමටත් පෙළඹිණි.

කෙසේ වෙතත් අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් විශාල භූමිකම්පාවක් ඇතිවීමේ අවදානම මිස සාමාන්‍ය භූමිකම්පා තත්වයක අනතුර ඉවත් කර ඇති බවක් අදහස් නොවන බව මට්සුමුරා දන්වා ඇත.