India-on-fire-after-medical-student-Maumita-was-raped-and-killed-in-Colcutta-hospital

 වෛද්‍ය මවුමිතා දේනාත් දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය සටන් වී ඇත. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොල්කටා පොලිසියේ ආපදා කළමනාකරණ බලකායේ සිවිල් ස්වේච්ඡා සේවක 33 හැවිරිදි සංජේ රෝයි නමැත්තෙකි.

ඝාතනය සිදුවූ ස්ථානයේ වැටී තිබූ බ්ලූටූත් හැන්ඩ්ස් එකක් ආධාරයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. රෝයි සිව්වතාවක් විවාහවී ඇති පුද්ගලයකු බවත් ඔහු ගැහැනු ලෝලියකු බවත් විමර්ශනයේදී අනාවරණයවී ඇත. සැකකරු කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් කිරිම පිළිබඳ ඉතිහාසයක් තිබෙන පුද්ගලයකු බවත් ඔහු දේනාත් ඉගෙනගත් විශ්ව විද්‍යාල රෝහලේ සේවය කර ඇති බවත් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කළේය.


සැකකරු වන සංජේ  රෝයිගේ මානසික තත්වය පිළිබඳව සොයා බැලීමක්ද විමර්ශනයේදී කෙරෙන බවත්

මවුමිතා ඝාතනයේ ප්‍රධාන සැකකරු ඔහු බවත් මධ්‍යම විමර්ශන කාර්යාංශය පැවැසුවේය. මවුමිතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශකයන්  සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබූවත් තවත් පුළුල් ලෙස විමර්ශන සිදුකළ යුතු බව පවසමින් ඇයට යුක්තිය ඉල්ලා ඉන්දියාවේ වෛද්‍යවරු ලක්ෂ 4 ක පමණ පිරිසක් 17 දින පැය 24 ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වූහ.


ඉන්දියාව පුරා පැවැති වැඩ වර්ජනවලට වෛද්‍යවරුන් පමණක් නොව වෛද්‍ය සිසූහු සහ සෞඛ්‍ය සේවකයෝ විශාල පිරිසක්ද සහභාගී වූහ. ඉන්දියානු නළු නිළියන් සහ  ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක්ද ඇයට යුක්තිය ඉටුවිය යුතු බවට හඬ නගති.ඉන්දියාවේ කොල්කටාහි ආර්.ජී කාර් වෛද්‍ය විද්‍යාලයේදී වෛද්‍ය මවුමිතා දේබ්නත් පසුගිය 9 වැනිදා ඝාතනයට ලක්වූ අතර මරණ පරීක්ෂණයේදී ඇය දූෂණයට ලක්ව ඇති බවට තහවුරු විය. ඝාතකයන් ඇයගේ සිරුරට බරපතළ ලෙස හානි කර තිබිණි. වෛද්‍ය විද්‍යාලයේ දේශන ශාලාවකට යමින් සිටියදී මවුමිතා අතුරුදන්ව තිබියදී පසුව ඇයගේ සිරුර වෛද්‍ය විද්‍යාලයේදීම සොයා ගත්තේය.