The white accountant settles down in Galle

විදෙස් ජාතිකයකු සසුන් ගත කිරීමේ දුලභ පිංකමක් ගාල්ල ශ්‍රී සංඝරාජ ගුණෝදයාරාම විහාරස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

ඔස්ට්‍රේලියාවේ ටුවුම්බ්බා හි සිරිධර්මසිරි බෞද්ධ විහාරය , ගාල්ල ශ්‍රී සංඝරාජ ගුණෝදයාරාම විහාරස්ථානය යන උභයවිහාරාධිපති විද්‍යාපති තලංගල්ලේ රතන හිමියන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි වූයේ ඔස්ට්‍රේලියානු පුරවැසියකු වන වෘත්තියෙන් ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ අයෙකි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර නාහිමියන් ගේ උපාධ්‍යාත්වයෙන්‌ පැවිදි දිවියට පත් වූ උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස නම් ලද අතර මෙතැන් පටන් ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වනු ඇත.



මෙම පිංකමට සමගාමීව සංඝික දානමය පිංකමක් ඇතුළු පිංකම් මාලාවක් ගාල්ල ශ්‍රී සංඝරාජ ගුණෝදයාරාම විහාරස්ථානයේ පැවති අතර එම අවස්ථාවන්ට කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියන් , කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක පානදුරේ විජිතනන්ද නාහිමියන් , කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය පොලොන්නරු දිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ඕනෑගම උපාලි නාහිමියන් , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය , මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය , ඔස්ට්‍රේලියා දූත කණ්ඩායමක් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ජනක ජීවන්ත හෙට්ටිආරච්චි - පානදුර)