කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 15 දා ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air PortTerminal Shuttle Service ) ඊයේ 19 දා උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරිවරයා පැවසීය.
මෙම බස් රථ සේවාව ආරම්භ කළ සැනින්, ඊට එරෙහිව ගුවන් තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි . ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි.මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුලී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සලකා බලා
එම සුඛෝපභෝගී බස්රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව නවතා දැමීමට පියවර ගෙන තිබේ .
එසේ නවතා දැමූ බස්රථ වෙනුවට කටුනායක ගුවන් තොටුපොළ - කොළඹ, කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී බස්රථ සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත්වන බස්රථ 10ක්, කටුනායක ගුවන්තොටුපොළේසිට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කර වීමට නියමිත බැව් ගුවන් තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසීය.
ටී.කේ.ජී.කපිල
0 Comments