Boxing-Men-Women-bring-home-the-only-gold-medal-for-Algeria

ගැහැණු අංශයෙන් තරග කරන නමුත් පිරිමියෙකු බවට සැකකරන බොක්සිං ක්‍රීඩිකාවක සම්බන්ධ ගැටලුවක් නිසා මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ආන්දෝලනයක් ඇති වී තිබුණි. කිලෝග්‍රෑම් 66 බර පන්තියෙන් ඇල්ජීරියාව නියෝජනය කරන ඉමානේ කෙලිෆ් ගෙන් මූලික වටයේදී පහරකෑ ඉතාලි කාන්තා බොක්සිං ක්‍රීඩිකාවක හඩමින් මෙම ගැටලුව විස්තර කළ අතර ඉමානේ කෙලිෆ්ගේ ඉරියව් හා පෙනුම පවා පිරිමි ස්වරූපයකින් යුතුවීම නිසා බොහෝ අය මෙතැන වරදක් සිදුව ඇති බවට තර්ක කර තිබුණි.

කෙසේ වෙතත් ඉමානේ කෙලිෆ්ට තරග කිරීමට ඔලිම්පික් කටිටුවෙන් බාධාවක් එල්ලවූයේ නැති අතර අවසානයේ එම ඉසව්වේ රන් පදක්කම දක්වා යාමට ඉමානේ කෙලිෆ්ට හැකි විය. ඇය පෙරේදා චීන ක්‍රීඩිකාවක පරදා අවසන් තරගයෙන් ඇල්ජීරියාවට රන්පදක්කමක් ගෙන ආවාය.



 චීනයේ යැං ලියු පරාජය කිරීමෙන් පසු බොක්සිං රන් පදක්කමක් දිනූ පළමු ඇල්ජීරියානු, අරාබි සහ අප්‍රිකානු කාන්තාව බවට පත්වීමට ඉමානේ කෙලිෆ් සමත්වූ බව ඔලිම්පික් වාර්තා සඳහන් කරයි.
25 හැවිරිදි ඉමානේ සිකුරාදා රාත්‍රියේ ප්‍රංශ අගනුවර රෝලන්ඩ්-ගැරෝස් ක්‍රීඩාංගනයේ පැවති තරග වට 3ම ජයග්‍රහණය කළ අතර විනිසුරුවන් විසින් ඒකමතික තීරණයකින් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

දැන් තහනම් කර ඇති ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) 2023 තීරණයකින් කියැවුනේ ඉමානේගේ ස්ත්‍රී පුරුෂ බව ප්‍රශ්නකාරී බවයි.ඇය ඒ පිළිබඳ විවාදයකට හසු වූ අතර, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් අසමත් වීම නිසා ඇයව නුසුදුස්සකු කරන ලදී.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) IBA විසින් නියම කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල අත්තනෝමතික සහ නීත්‍යානුකූල නොවන බව කියමින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා පැවැත්වීමට හේතුවක් නොමැති බවද දන්වා තිබූ නිසා ඉමානේට මෙවර ඔලිම්පික් ක්‍රීඩාකරන්නට හැකි විය.
උතුරු අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවට එකම රන් පදක්කම ගෙන ආවේ ඇයයි.

ඉමානේ කෙලිෆ්ගේ ආධාරකරුවන් ඇල්ජීරියානු ධජය සමඟ පැමිණ, අවසන් සටනට පෙර කෙලිෆ් පිටියට යන විට විශාල ඝෝෂාවක් ඇති කළ අතරම පළමු වටයේ සිට පදක්කම් ප්‍රදානෝත්සවය දක්වාම ඔවුන් ඇයට ඔල්වරසන් දී තිබුණි. ජයග්‍රහණයෙන් පසුව ඇයව ඔසවාගෙන යාමද සිදුකරන ලදි.
'මං ඉපදුනේ ගැහැණියක ලෙස. මේ තත්වෙට එන්න අවුරුදු 8 ක් මහන්සි වුණා.. එච්චරයි මං දන්නෙ" ඉමානේ කෙලිෆ් ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත පවසා තිබේ.