russia-sentences-us-dual-citizen-to-12-years-for-treason


යුක්රේනයට ආධාර කරන පුණ්‍යායතනයකට මුදල් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් රාජද්‍රෝහී චෝදනාවට වරදකරු වූ එක්සත් ජනපද-රුසියානු ද්විත්ව ජාතික ක්සෙනියා කරේලිනාට රුසියාවේ අධිකරණයක් වසර 12 ක සිර දඬුවමක් නියම කළේය.

යෙකටරින්බර්ග්හි Urals නගරයේ Sverdlovsk ප්‍රාදේශීය අධිකරණය බ්‍රහස්පතින්දා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්,

වරද පිළිගත් 32 හැවිරිදි මුද්‍රා නාට්‍ය නර්තන ශිල්පිනියක වන මෙම කාන්තාව සිරගත කොට ඇත..

ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) චෝදනා කර තිබුනේ "යුක්රේන සන්නද්ධ හමුදාවන් සඳහා උපක්‍රමශීලී වෛද්‍ය සැපයුම්, උපකරණ, ආයුධ සහ පතොරම් මිලදී ගැනීමට භාවිතා කරන ලද" යුක්‍රේන සංවිධානයක් සඳහා ඇය අරමුදල් සපයා ඇති බවයි.

ඇයගේ නීතීඥයින් පවසන්නේ ඇය යුක්රේනයේ ළමුන්ට සහ වැඩිහිටියන්ට මානුෂීය ආධාර සපයන නිව් යෝර්ක් පදනම් කරගත් පුණ්‍යායතනයක් වන Razom for Ukraine වෙත ඩොලර් 5180ක් පරිත්‍යාග කළ බව සත්‍ය වන නමුත් පුණ්‍යායතනය යුක්රේනයට කිසිදු හමුදා ආධාරයක් ලබා නොදෙන බවය.

කැරලිනා රුසියාවේ උපත ලැබූ අතර 2012 දී එක්සත් ජනපදයට සංක්‍රමණය වී 2021 දී ඇමරිකානු පුරවැසිභාවයද ලබා ඇත්තියකි.
මෙම ගැටලුව දැන් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් මතුකර ඇති බව එක්සත් ජනපදය චෝදනා කරයි.



 රුසියාව විසින් The Wall Street Journal වාර්තාකරු Evan Gershkovich, හිටපු එක්සත් ජනපද නාවික හමුදා භටයෙකු වන Paul Whelan සහ තවත් 14 දෙනෙකු නිදහස් කර යන්තම් සති දෙකකට පසුව Karelina ට දඬුවම් නියම කර තිබේ.