bmich-colombo-book-exhibition-2024-september-27
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ලබන සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වෙන බව අද නිවේදනය කර තිබෙයි.

සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වෙන නිසා වෙනදාට වඩා දින කිහිපයක ප්‍රමාදයකින් ප්‍රදර්ශනය සංවිධානය කරන්නට සිදුව තිබේ.
මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වන සංවත්සරයද සමරමිනි.
පොත පත කෙරෙහි උනන්දුව දක්වන විශාල පිරිසක් ඒකරාශී කරන මෙම ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වෙන දැවැන්තම ප්‍රදර්ශන කිහිපයකින් එකකි.
පෙර කී දිනවල පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතින බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දන්වා තිබේ. අදාළ නිවේදනය පහතින්