canada-australia-fake-jobs

කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාර්න් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් මිලියන 24ට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක්, විමර්ශන අංශයේ නිලධාරීර්න් විසින් ඊයේ දින කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි. එම කාන්තාව විසින් කඳාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට

වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැත.

මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19ක් කාර්යාංශය වෙත ලැබී ඇත.අත්අඩංගුවට ගත් කාන්තාව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.මේ අතර, සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව, විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලන ලදි. එහිදී ජර්මනිය, ඩුබායි හා කැනඩාව යන රටවල රැකියා ලබාදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 13ක් හා ජීව දත්ත පත්‍රිකා 11 ක් නිලධාර්න් භාරයට ගෙන තිබේ. අදාළ ස්ථානයේ හිමිකාරිය වූ සීදුව, අමන්දොලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය ඊයේ (01දා) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.



එසේම කැනඩාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා රු.1,452,000.00ක මුදලක් වංචාකළ තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුද ඊයේ දින විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ලෙන ඇත. අදාළ පැමිණිල්ල විභාග කිරිම  සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අතර, එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මීරිගම කාන්ති