
යුවතියකගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් විඩියෝ දර්ශන තම දූරකතනය මඟින් පටිගත කර බෙදාහැරිය පුද්ගලයකු කොළඹ වාරාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පසුගියදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් කළ අධිකරණය වැඩිදුර විමර්ශන සදහා මේ නඩුකරය ලබන 25 දින කැඳවීමට නියෝග කළේය.
වරාය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත ගොනු කරන ලද මේ නඩුකරය පෙර දිනයේ කැඳවූ අවස්ථාවේ පොලිසියෙ සඳහන් කළේ මේ තරුණයා විසින් තම යහළුවාගේ පෙරැත්ත කිරීම මත මේ වින්දිත යුවතිය ඇයගේ පෙම්වතා සමඟ සිටින්නා වූ සීසීටීවී දර්ශන අවසරයකින් තොරව තම දූරකතනය මඟින් පටිගත කර බෙදාහැරිය බවයි. මේ චුදිත තරුණයාට පෙරැත්ත කළ ඔහුගේ යහළුවා වින්දිත යුවතියගේ පෙර පෙම්වතා බවටද කරුණු අනාවරණය විය.
අධිකරණයේ පෙනී සිටි සැකකරු තමාට ජංගම දූරකතනය අවශ්‍ය බවත්, තමාට එරෙහිව ගොනු කරනු ලැබ ඇති චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බවත් තමා පශ්චාත්තාප වන බවත් කියා සිටියේය. ඒ අනුව අධිකරණය ඉහත නියෝගය නිකුත් කළේය.
(භාග්‍යා සිල්වා)
Comments
Post a Comment
Your comment will be visible after approval