චීන මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Zeekr පවසන්නේ ඔවුන් හදුන්වාදෙන නවතම විදුලි වාහනය (EV) මේ දක්වා ගැටලුවක්ව පැවති ආරෝපණ වේග සීමා ඉක්මවා ඇති බවය. ඒ අනුව කර්මාන්තයේ ප්‍රමුඛයන් වන Tesla සහ BYD ඇතුළු එහි ඕනෑම ප්‍රතිවාදීන්ට වඩා වේගයෙන් මෙම වාහන බැටරි ආරෝපණය වන බවයි. Zeekr's 2025 007 sedan නව බැටරිය සහිත එහි පළමු වාහනය වනු ඇත.
මිනිත්තු 10 තත්පර 30 ක් තුළ වැඩි දියුණු කළ බැටරි ධාරිතාව 10% සිට 80% දක්වා ආරෝපණය කළ හැකි බව ඔවුන් පවසා ඇත.-10C තරම් අඩු උෂ්ණත්වවලදී පවා වේගවත් ආරෝපණයක් සිදුවන බව දන්වා ඇත.
Tesla සමාගම පවසන්නේ මිනිත්තු 15ක ආරෝපණයක් මගින් සැතපුම් 175ක් (282km) ආවරණය කිරීමට හඇකියාව ඇති බව වන අතර BYD හැකියාවන් ඊටත් වඩා අඩු බව කියැවේ.
ටෙස්ලා හි ආරෝපණ තාක්ෂණය තවදුරටත් කර්මාන්තයේ ප්රමුඛ තැන නොරඳන බව වාහන විශේෂඥයින් පවසා ඇත.
විදුලි වාහන සම්බන්ධයෙන් චීනයේ තරඟය ඇදහිය නොහැකි තරම් දරුණු වන අතර BYD, Zeekr, Li සහ Nio වැනි සන්නාම ආරෝපණ උපරිම කිරීම කෙරෙහි නිරන්තර තරගයක පසුවේ.
මේ වනවිට චීන විදුලි වාහන අලෙවි වේගය නිසා මේ දක්වා ඉහලින් වැජඹුන ජපන් ඉන්ධන වාහන වෙළෙඳපොළ ඉදිරියේදී කඩාවැටෙන සලකුනු පෙන්වා ඇත.
ඇමරිකාව සිය ප්රමුඛ නිෂ්පාදන සඳහා වෙළෙඳ ආධිපත්‍යය රඳවා ගැනීමට උත්සාහ කර ඇති අතර
බයිඩෙන් පරිපාලනය විසින් චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ, සූර්ය පැනල, වානේ සහ අනෙකුත් භාණ්ඩ සඳහා විශාල තීරු බදු ඉහල දැමීමක් පසුගියදා නිවේදනය කර තිබුණි.
0 Comments