club-wasantha-murder-updates

අතු­රු­ගි­රිය ටැටූ සාප්පුවක් තුළදී ව්‍යාපා­රික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙ­නකු ඝාත­නය කර තවත් සිව්දෙන­කුට බර­ප­තළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩි­ක්ක­රු­වන් ගිනි අවි රැගෙන පලා­ගිය WP-NC1976 බස් රථය සම්බ­න්ධ­යෙන් යම් තොර­තු­රක් දන්නේ නම් පහත සඳ­හන් දුර­ක­තන අංක­ව­ලට දැනුම් දෙන ලෙස පොලි­සිය මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

බස්නා­හිර පළාත් දකුණු අප­රාධ කොට්ඨා­සයේ ස්ථානා­ධි­පති 0718596065 දුර­ක­තන අංක­යට හෝ අතු­රු­ගි­රිය පොලි­සියේ ස්ථානා­ධි­ප­තිගේ 0718591657 දුර­ක­ත­න­යට එම තොර­තුරු දෙන ලෙසත්, රහ­ස්‍ය­භා­වය සුර­කින බවත් පොලි­සිය දන්වා සිටී. ක්ලබ් වසන්ත ඝාත­නය කිරීම සඳහා පාතාල නායක ලොකු පැටී නමැත්තා රුපි­යල් කෝටි­ය­කට ආසන්න මුද­ලක් වැය කර තිබූ අතර, එයින් රුපි­යල් ලක්ෂ 41ක මුද­ලක් වැය කර තිබුණේ ඝාත­න­යෙන් අන­තු­රුව වෙඩි­ක්ක­රු­වන්ට පලා­යෑම සඳහා බස් රථ­යක් මිල දී ගැනී­මට බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබිණි.



මතු­ගම කුඩ­ලි­ගම හරහා කොළඹ දක්වා ධාව­නයේ යෙදුණු දොර දෙකේ බස් රථය විකු­ණන බවට මුහුණු පොතේ පළ කර තිබූ දැන්වී­ම­කට අනුව ඝාතන සිද්ධිය සිදු කිරී­මට දින කීප­ය­කට ඉහත අන්ත­ර්ජා­ලය ඔස්සේ රුපි­යල් ලක්ෂ­යක අත්ති­කා­රම් මුද­ලක් ගෙවා, ඉතිරි මුදල එක­වර ගෙවා මිල දී ගෙන තිබුණේ මිරිස්ස පොල්අතුමෝදර අඹ ගහ­වත්ත ප්‍රදේ­ශයේ 21 හැවි­රිදි කාන්තා­ව­කගේ නමට බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණයවීමෙන් අන­තු­රුව එම කාන්තා­වද පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගැනීනි.

ඉකුත් මස 8 වෙනි­ දින ව්‍යාපා­රික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධි­යෙන් අන­තු­රුව වෙඩි­ක්ක­රු­වන් දෙදෙනා මෝටර් රථයේ නැඟ , අන­තු­රුව වෑන් රථ­යට නැඟ මඳ දුරක් ගොස් කොරො­තොට විහා­ර­ස්ථා­න­යක් ආස­න්නයේ නවතා තිබූ බස් රථ­යට නැඟ අධි­වේගී මාර්ගය ඔස්සේ කත­ර­ගම බස් නැව­තු­ම්පොළ දක්වා ගිනි අවි රැගෙන ගොස් ඇති බව පොලි­සිය සිදු­ කළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබිණි. ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල නායක ලන්දුවා හන්දි පුෂ්ප කුමාර හෙවත් ලොකු පැටි නැමැත්තාගේ නව සැල­සු­ම­කට අනුව ආර­ක්ෂක අංශවල අව­ධා­නය යොමු නොවී හසු නොවීම සඳහා හා වෙඩි­ක්ක­රු­වන්ට පලා­යාම සඳ­හාම හා ඒ සඳහා යොදා­ගත් ගිනිඅවි ප්‍රවා­හ­නය සඳ­හාම මෙම බස් රථය මිල­දී­ගෙන තිබූ බව මේ දක්වා සිදු කළ පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබිණි.වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට කාන්තා­වක් ඇතුළු පුද්ග­ල­යන් 9 දෙනකු පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කර ඇත.

නියෝජ්‍ය පොලි­ස්පති ගයන්ග මාර­පන මහ­තාගේ උප­දෙස් මත, බස්නා­හිර පළාත දකුණු දිසාව අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරී ජනක කුමාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් (පො.ප) හේමන්ත කුමාර, පොලිස් පරී­ක්ෂක දිනුක වීර­සිංහ මහ­ත්ව­රුන් ඇතුළු කණ්ඩා­ය­මක් විම­ර්ශන පව­ත්වයි.
(බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ)