cosmetics-fake-nabbed

ව්‍යාජ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ බව කියන පිළියන්දල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.එම වෙළඳසල තුළ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ වර්ග 27කින් යුත් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රූපලාවන්‍ය ආලේපන දියර සහ ක්‍රීම් වර්ග තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.





එම රූපලාවණ්‍ය ශිල්පිනිය පවත්වාගෙන යන ආයතනයේ නීති අංශයේ නිලධාරියකු පිළියන්දල පොලිසියට පැමිණ තම නියෝජිත ආයතනයෙන් බලපත්‍ර සහිතව ආනයනය කරන ලද රූපලාවණ්‍ය ආලේපනවල නම අවභාවිතා කර නිෂ්පාදනය කළ ව්‍යාජ ආලේපන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සලක අලෙවි කරන බවට කරන ලද පැමිණිල්ලක් ලැබුණ බව පොලිසිය කියයි.




ඒ අනුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් අනතුරුව කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පාරිභෝගික කාන්තාවක් සේ වෙස්ගන්වා සුපිරි වෙළඳසල වෙත යවා රුපියල් 1350/= මුදලක් ගෙවා මුහුණ සේදීමේ දියර ඇසුරුමක් මිලදී ගැනීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිති පොලිස් පරීක්ෂක සංජිව අලුත් ගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ව්‍යාජ රූපලාවණ්‍ය ක්‍රීම් සහ දියර වර්ග තොගය පොලිස් භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සුපිරි වෙළඳසලේ සැකකාර හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කොළඹ ප්‍රදේශයෙන් තොග වශයෙන් මිලදී ගත් බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.30 හැවිරිදි සුපිරි වෙළඳ සලේ හිමිකරු බුද්ධිමය දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
  බිමල් ශ්‍යාමන් ජයසිංහ