dayasiri-speaks

ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇතැයි ඊයේ වාර්තාවූ නමුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව පිල්බෙදී ඇති පසුබිමක ගැටලුවක් මතුව තිබේ.
 ශ්‍රීලනිපයේ නීත්‍යානුකූල මහලේකම් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.


ජයසේකර මන්ත්‍රීවරයා 'X' වෙත ප්‍රකාශ කළේ, “බලහත්කාරයෙන් ශ්‍රීලනිපය රඳවාගෙන සිටින නිමල් සිරිපාල ඇමතිවරයා, ජනාධිපති වික්‍රමසිංහ මහතාට පක්‍ෂයේ සහයෝගය” ප්‍රකාශ කර ඇත. මධ්‍යම කාරක සභාවේදී ඕනෑම තීරණයක් ගත යුතු බැවින් අධිකරණය විසින් පිළිගත් පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමි.”

"මෙම පුද්ගලයින්ට ශ්‍රීලනිපයේ ස්ථාවරය නියෝජනය කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති අතර, එම නිසා පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා ලෙස, පක්ෂය රජය සමඟ සන්ධානගත කිරීමට ගන්නා මෙම ප්‍රයත්නයන් මම හෙළා දකිනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කළ බවයි.