dhammika-perera-election-rejection

තමා එළැඹෙන ජනපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නට අකමැති බවට පොහොට්ටුවේ ලේකම්වරයාට ව්‍යාපාරික ධම්මික පෙරේරා ලියා යැවූ ලියුම පහතින් පළවේ.

"2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම
පළමුව, 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් මා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයටත්, ඔබතුමාටත්, අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් මා ගේ හෘහාංගම ස්තූතිය පළ කරමි.
නමුත්, පෞද්ගලික හේතුවක් මත මා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව මෙයින් කාරුණිකව දන්වමි. පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි.

ධම්මික පෙරේරා"