diana-in-court

ආග­මන විග­මන නීති උල්ලං­ඝ­නය කර­මින් විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බල­ප­ත්‍ර­යක් නොමැ­තිව රැඳී සිටි බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තමාට එරෙ­හිව නඟා තිබූ චෝද­නා­ව­න්ව­ලට නිවැ­ර­දි­කා­රිය බව හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහ­ත්මිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ ඊයේ (01) ප්‍රකාශ කළාය.

ආගා­මික විගා­මික පනත ප්‍රකා­රව චෝදනා 06ක් යටතේ නඩු 06කට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඊයේ (01) හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහ­ත්මි­යට චෝදනා පත්‍ර භාර දුන් අව­ස්ථා­වේදී ඇය මෙලෙස ප්‍රකාශ කළාය.



සැක­කා­රිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ ශානක රණ­සිංහ මහතා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි අතර, නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් රජයේ නීති­ඥ­ව­රුන් සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීහු සැක­කා­රි­යට චෝදනා පත්‍ර භාර දෙනු ලැබූහ.

හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහ­ත්මිය මෙම සිද්ධි­යට අදා­ළව ඇප මත සිටි­මින් ඊයේ (01) අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යාය.

මෙම සිද්ධි­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහ­ත්මි­යට එරෙ­හිව නඩු 06ක් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ ගොනු කරනු ලැබුවේ ඉකුත් ජූලි මස 11 වැනි­දාය.

ඒ අනුව එලෙස නඩු පව­රනු ලැබ තිබුණේ අංක 531/27, කන්ට්‍රි­බෙල්ට් බංග­ලාව, අම­රා­ගොඩ පාර, හෝක­න්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සම­න්මලී හෙවත් ඩයනා නටාශා කැක­න­දුර යන අය­ටය.

නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් ප්‍රකා­රව මෙම සැක­කා­රි­යට එරෙ­හිව චෝදනා 06ක් යටතේ නඩු 06ක් අධි­ක­ර­ණය හමුවේ ගොනු කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය විම­ර්ශන අංශය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.



වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බල­ප­ත්‍ර­යක් නොමැ­තිව රැඳී සිටීම සැක­කා­රි­යට එරෙහි පළමු චෝදනා ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව චෝදනා පත්‍රයේ සඳ­හන් කර තිබිණි.

වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2019ක් වූ ජූලි මස 17 වැනි දින හා වර්ෂ 2020 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020 නොවැ­ම්බර් මස 01 වැනි දින අතර කාලය තුළදී වලංගු වීසා බල­ප­ත්‍ර­යක් නොමැ­තිව මෙරට රැඳී සිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස සැක­කා­රි­යට එරෙ­හිව චෝදනා නඟා ඇත.



සැක­කා­රි­යට එරෙ­හිව නඟා ඇති හය­වැනි චෝද­නාව වන්නේ වර්ෂ 2014ක් වූ ජන­වාරි මස 20 දින හෝ ඊට ආසන්න දින­ය­කදී බත්ත­ර­මුල්ලේ පිහිටි ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තු­වට අංක එන් 5091386 දරන විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් නිකුත් කිරී­මට ආදළ අයැ­දුම් පත්‍ර­යක් ඉදි­රි­පත් කිරී­මෙන් ආගා­මික විගා­මික පනත යටතේ වර­දක් සිදු කර ඇති බව­ටය. මෙම සිද්ධි­යට අදා­ළව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වූ හිටපු රාජ්‍ය ඇමැ­තිනී ඩයනා ගමගේ මහ­ත්මිය රුපි­යල් ලක්ෂ 05ක මුදල් සහ රුපි­යල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැ­රී­මට අධි­ක­ර­ණය නියෝග කළේ ඉකුත් ජූලි මස 21 වැනි­දාය.

එදින සැක­කා­රි­යට එරෙ­හිව පනවා ඇති විදෙස් ගමන් තහ­නම තව­දු­ර­ටත් දීර්ඝ කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා නඩුවේ පාර්ශ්ව­ක­රු­වන්ට සහ නීතිඥ ප්‍රජා­වට අග­ති­යක් වන ආකා­ර­යෙන් ප්‍රකාශ නොක­රන ලෙසට ද සැක­කා­රි­යට තරයේ අව­වාද කළේය.
(නිමන්ති රණ­සිංහ)