dilshan-sajith-manjula-thilini

හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සහ ඔහුගේ බිරිය රංගන ශිල්පිණී මංජුලා තිලිණි ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට අද දින ඔහුව හමු විය.
එකල රාජපක්ෂ පවුල සමග කටයුතු කළ ඩිල්ෂාන් පොහොට්ටුවේ පළමු සාමාජිකයින් අතර සිටි අයෙකි.

පොහොට්ටුව වෙනුවෙන් ඔහුට පසුගිය මහමැතිවරනයේ නාම යෝජනා ලබන්නට අවස්ථාවක් ලද නමුත් පසුව එය වෙනස්ව ගියේ කළුතර ඔහුගේ තරගකාරීන් ඔහුගේ නම ඇතුළත් කරනවාට අකමැත්ත පළ කළ බැවිනි. අනතුරුව ඩිල්ෂාන් දේශපාලනයෙන් ඉවත්වී ඕස්ට්‍රෙලියාවට ගොස් සිටියේය.
අද දින ටෙලි නිළි මංජුලා හා ඩිල්ෂාන් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමුවූ අවස්ථාවේ
 පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්, බේරුවල සංවිධායක ධූරයට ඔහු පත් කර අදාළ පත්වීම් ලිපිය ද ලබා දී තිබේ.