dinesh-unp-rejection

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති සමුළුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ විරෝධතා හේතුවෙන් හදිසියේ නතර කිරීමට තීරණය කළ බව වාර්තා වේ.

මෙය එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති හා වෙනත් සංගම්වල නියෝජිතයන්ගේ සමුළුවක් බවට සංවිධායක මණ්ඩලය ගෙන ගිය ප්‍රචාරයකට දිනේෂ් විරෝධය පළකළ බව වාර්තාවේ.


මෙම සමුළුවට තමන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි නොකරන බව අගමැතිවරයා දැන්වීමෙන් පසු ජනාධිපතිවරයා සමුළුව අවලංගු කරන්නැයි දන්වා ඇතැයි වාර්තා විය.
අගමැති දිනේෂ් ගුනවර්ධන ස්වාධීන අපේක්ෂක රනිල්ට සහය පළකරන්නේ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමිනි.
මේ අතර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පුවත්පතකට පවසා ඇත්තේ දින තුනක කාලයකදී අදාළ සමුළුව සූදානම් කිරීමට සිදුවීම නිසා දැනුවත් කිරීමේ ගැටලුවක් මත එය අවලංගු කළ බවයි.
සමුළුව ඉදිරි දිනයකදී පැවැත්වීමට සැලසුම් කර ඇත.