ඡන්ද පොළට පා ගමනින් හෝ වෙනත් ප්‍රවාහන සේවාවක් මගින් හෝ යාමට නොහැකි කායික දුබලතාවයෙන් යුත් ඡන්ද දායකයන්ට විශේෂ ප්‍රවාහන පහසුකමක් ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.එවැනි ඡන්දදායකයන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ...අඅඅැකැජඑසදබ.ටදඩ.කන... යන වෙබ් අඩවියෙන් අවශ්‍ය අයැදුම්පතක් ලබා ගත හැකි අතර එය සම්පූර්ණ කර මේ මස 14 වැනිදාට හෝ ඊට පෙර ලැබෙන සේ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.
එවැනි ඡන්දදායකයකු වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය සහතිකයක් ලබා ගත යුතු අතර මැතිවරණ කොමිෂන් සභාව මේ වන විටත් චලනාබාධිත හා දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් නිකුත් කර ඇති වසර දහයක් වලංගු තාවකාලික හැඳුනුම්පතක් තිබේ නම් එවැනි ඡන්දදායකයන්ට වෛද්‍ය සහතිකය අවශ්‍ය නොවන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.මේ අතර පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික දුර්වලතාවකට පත්ව සිටින ඡන්දදායකයකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යාමේ අවසරය ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දදායකයකු කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූවකු විය යුතු අතර
එම ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන අපේක්ෂකයකු නොවිය යුතු අතර ඡන්ද අපේක්ෂකයකුගේ බලයලත් නියෝජිතයකු හෝ ප්‍රාදේශීය නියෝජිතයකු හෝ නොවිය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.මෙම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ අඅඅකැජඑසදබ.ටදඩ.කන.... යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.එවැනි ඡන්දදායකයන් ඉල්ලුම් පත්‍රයක් ලබා ගෙන සම්පූර්ණ කර ග්‍රාම නිලධාරි වෙත ඉදිරිපත් කළ යුතු අතර රජයේ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කර සහතික කරවා ගැනීම අනිවාර්ය වන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
( රංජන් කස්තුරි)
0 Comments