election-news-updates

අද (11)  වන විට වාර්තාවන ජනපතිවරණ 2024ට අදාළ උණුසුම් පුවත් එකතුවක් පහතින් පළවේ.
  • රොෂාන් රණසිංහ ජනපති සටනට  
ඉදිරි ජනාධිපතිවරණයට තමා ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පදනම් ආයතනයේ දී  අද(11)දා  පැවති හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ අත්දැකීම් මත සකස් කෙරුණු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළීදැක්වූ රැස්වීමකදී කීය. හිටපු අගනවිනිසුරු තමාට සහය දෙන බවත් මාතෘ භූමිය බේරා ගැනීම සඳහා තමා ඉදිරිපත් වන බවත් ප්‍රකාශ කළේය.

  • මං සජබෙට යන කතාව කෙප්පයක් - මෛත්‍රී  
තමා සමගි ජන බලවේගයට සහය පල කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමා විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්
තම ජීවිත කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට කිසිදු දේශපාලන පක්ෂයකට කිසිසේත් සම්බන්ධ නොවන බවත්ය.  

  • අවංක අය තමා නැත්තේ - අගරදගුරු  
අපේ රටේ ජනතාව අවංක දේශපාලනඥයන්ගේ දැඩි පිපාසයකින් පෙළෙන බව අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අතුරුගිරිය ශාන්තාලෝකගම සාන්ත පේදුරු පියෝ දේවස්ථානයේ දිව්‍ය ප්‍රසාද මන්දිරයේ පළමු දේව මෙහෙයට  සහභාගී වෙමින් පැවැසූහ.

 
 


  • බහුතරය නැති ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී වෙනසක  
මේ වනවිට ජනපති අපේක්ෂකයින් නිසා පක්ෂ කැඩී විසිරී යාම හේතුවෙන් බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැන නැගී ඇති අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමට ගැටලුකාරී තත්වයක් මතුව ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහාය නොදීමට තීරණය කිරීමත් සමග මෙය වර්ධනය විය. මේ හේතුවෙන් විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම පස්සට තැබීමට ආණ්ඩුව තීරණය කර ඇත.
මේ සතියේ වැඩි වශයෙන් තිබුණේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයන්ය.මැතිසබේ ඊයේ (9) සිකුරාදා පැවැත්වුණේ දිවංගත අමාත්‍ය රොනීද මැල් මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයයි.

 
  • මහින්ද 2005 ගත්ත ඡන්ද නාමල්ට එනවා  
2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

  • සුදර්ශනී සජිත්ට  
එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන්ගේ සහයෝගය ලබාදෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී ප්‍රකාශ කර තිබෙයි.
පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ රට ගොඩනැගිය හැකි කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග සිටින බවයි.  
 


  • පොහොට්ටුව කැඩූ අයට විනය පියවර කල්යයි  
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය දෙදෙනකුට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු විනය පියවර නොගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් පැවසීය.

  • ජයම්පතිගේ පක්ෂය සජබට  
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න නායකත්වය දරණ එක්සත් වාමාශික පෙරමු⁣ණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා අද දින මාධ්‍ය වෙත ප්‍රකාශ ‌කළේය.  
 
  • 15 වනදා ආරක්ෂාව තර කෙරේ  
2024 ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගන්නා ලබන 15 වැනිදා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන්සභාව අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර ඇත.ඒ අනුව ඩ්‍රෝන කැමරා,ස්නයිපර් තුවක්කුකරුවන් සහ පන්දහසකට ආසන්න පොලිස් නිලධාරීන් යෙදවීමට යොජනා වී ඇත.   



  • ශ්‍රීලනිප ගණිකාවක් නොවේ - විජයදාස  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතු බව පැවසූ ඇතැම් මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගයට හේත්තු වී ඇති බව වෙන්නප්පුව ප්‍රදේශයේ දී පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගණිකාවක් කර විකුණන්න සූදානම් වූ බවත් ශ්‍රීලනිපය යනු ගණිකාවක් නොවන බවත් ඔහු කීය.


  • මැතිවරණ කොමිසමේ යාවත්කාල කිරීම  
එළඹෙන ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නීරීක්ෂකයන්ට අවසර ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැම්පත් කළ ජනාධිපති අපේක්ෂකයින් සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද අද වනවිට වාර්තා විය.
ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 320ක් පමණ මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති අතර එම පැමිණිලි අතරින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බනධයෙන් පැමිණිලි 317ක් තිබේ.